රජයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මියන්මාරය වෙත පිටත් කරන ලද හදිසි ප්‍රතිචාර දැක්වීමේ නිළධාරී කණ්ඩායම අප්‍රේල් 05 වන දින මියන්මාරයේ යැන්ගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ඇතුල් වී ඇත.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති, යැංගොන් කලාපීය ප්‍රධාන අමාත්‍ය U Soe Thein මැතිතුමා ඇතුලු පිරිසක් විසින් ශ්‍රී ලාංකික සහන සේවා කණ්ඩායම ගුවන් තොටුපළ වෙත ළඟා වූ අවස්ථාවේදී ඔවුන් පිළිගෙන ඇත.
මෙම හදිසි ආපදා අවස්ථාවේදී මියන්මාර රාජ්‍යය වෙත හදිසි ආධාර යැවීමට ශ්‍රී ලංකා රජය ඇතුළු සියලු ශ්‍රී ලාංකික ජනතාව ගත් පියවර පිළිබඳ යැංගොන් ප්‍රධාන අමාත්‍යවරයා සිය ප්‍රශංසාව එක් කර ඇති අතර, ශ්‍රී ලංකාව විසින් දැක්වූ මෙම අගනා සහාය ඔස්සේ දෙරට අතර පවතින දිගුකාලීන සමීප මිත්‍ර සබඳතාවන් යළිත් අවධාරණය කර ඇත.
මියන්මාරයේ පරිපාලන අගනුවර වන නේපි ටෝ (Nay Pyi Taw) හි ආපදාවට ලක් වූ ප්‍රදේශවල මානුෂීය ආධාර සහ සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා සහන සේවා කණ්ඩායම යෙදවීමට නියමිතව ඇත.