Bad Weather 2024අද දින (02) මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. එසේම දකුණු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව අද දිනට අදාලව නිකුත් කර ඇති කාලගුණ වාර්තාවේ සදහන් කර ඇත.

එසේම බස්නාහිර,සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. අන්තර් මෝසම් සමයේ දී ඇතිවන තද සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගස්, ගස් අතු කඩාවැටීම නිසා නිවාස හානි සිදුවීම් වාර්තාවන බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසත් නිවෙස් ආසන්නයේ අවදානම් සහිත ගස් පවතීනම් සුදුසු පරිදි අවදානම් අතු කපා දැමීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම මේ දිනවල අකුණු අනතුරුවලට ගොදුරුවීම් පිළිබදව වාර්තා වී ඇති බැවින් අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරනමෙන් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම අකුණු සහිත අවස්ධාවක දී

අකුණු අනතුර අවම කරගැනීම සඳහා එළිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි මෙන්ම ජලාශ වැනි විවෘත ස්ථාන කටයුතු කිරීමෙන් වැලකී සිටීමටත්, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුළි උපකරණ භාවිතයෙන් වලැකී සිටීම, බයසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැලකී සිටීන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අකුණු අනතුරකට ලක්වීම යම් පුද්ගලයකුගේ අත් පා හිරි වැටී ඇත්නම් සම්බාහනය කර ප්‍රකෘති තත්වයට පත් කිරීමට කටයුතු කළ හැකිය. එසේම ශ්වසනය නැවතී ඇත්නම් කෘතීම ශ්වසනය ලබාදීම, හෘද ස්පන්දනය නැවතී ඇත්නම් සම්බාහනය කර ප්‍රකෘති තත්වයට පත් කිරීමටත් අනතුරට පත් පුද්ගලයා හැකි ඉක්මනින් රෝහලට රැගෙන යාමටත් රෝහලට රැගෙන යනතුරු අවශ්‍ය ප්‍රථමාධාර ලබා සිදු කළ යුතුය. එසේම විදුලි පිරිපථ හරහා පැමිණි අකුණු අනතුරක් හේතුවෙන් යම් පුද්ගලයකු අනතුරට ලක් වී ඇත්නම් එම පුද්ගලයාව ස්පර්ශ කිරීමට පෙර විදුලි පරිපථය විසන්ධි කළ යුතුවේ.

එසේම තද සුලං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇඳ වැටීමට ඉඩ ඇති බැවින් ඒ් පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් හඳිසි තත්වයකදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 අමතන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් ජනතාවට දැනුම් දේ.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052