Initial discussion on providing aid to Myanmar 1පසුගිය මාර්තු 28 වන දින මියන්මාරයේ ඇති වූ ප්‍රබල යුතු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට අද දින වන (31) විට අවම වශයෙන් පුද්ගලයින් 1,700 දෙනෙකු පමණ මියගොස් ඇති අතර කවත් සිය ගණනක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එසේම ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී. එරට මැන්ඩලේ, නේපිඩෝ සහ භුමිකම්පා කේන්ද්‍රය ආසන්න ප්‍රදේශවලට මෙම භුමිකම්පාව තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති අතර පීඩාවට පත් ජනාතව මුදවාගැනීඹ සහ සහන සැලසීම් කඩ්නම් කිරීම සඳහා මියන්මාර් රජයට කලාපීය වශයෙන් ලබාදිය යුතු මානුෂීය ආධාර අවශ්‍යතා පවතී.

කලාපීය රටත් වන මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික වශයෙන් ආගමික සහ සමාජ ආර්ථික වශයෙන් වසර ගණනාවක් ඉපැරණි ඉතා සමීප සම්බන්ධතාවයක් පවති. දෙරට අතර පවතින සමීප සම්බන්ධතාව සහ මියන්මාර් රාජ්‍යයට මානුෂිය ආධාර අවශ්‍යතාව සැලකිල්ලට භාජනය කරමින් පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව පීඩාවට පත් ජනතාවට‍ අවශ්‍ය මානුෂීය ආධාර සහ සෙවීම් මුදවාගැනීම් කණ්ඩායම් ලබාදීම සම්බන්ධීකරණ කිරීම සඳහා අවශ්‍ය මුලික සාකච්ඡාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මාර්තු 31) ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විනි .

ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, අනෙකුත් පාර්ශවකාර රාජ්‍ය ආයතන නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ දේශීය ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් ඇතුලු නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වූ අතර පීඩාවට පත් වු ප්‍රදේශවල ජනතාවගේ අවහ්‍යතා අනුව පවතින තත්ත්වය පිළිබඳ සැලකිල්ලට භාජනය කරමින් ක්ෂණිකව අවශ්‍ය මානුෂීය ආධාර ලබාදීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සැකසීම සහ කඩිනමින් හදිසි ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායම් මියන්මාරය බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම සාකච්ඡාවේදී තිරණය කරන ලදී.

Initial discussion on providing aid to Myanmar 6Initial discussion on providing aid to Myanmar 3Initial discussion on providing aid to Myanmar 4

Initial discussion on providing aid to Myanmar 2Initial discussion on providing aid to Myanmar 5DSC 4210 599x400

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052