ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 29 වන දින ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ කටයුතු කරනු ලබන නිලධාරීන් වශයෙන් ඉතා භාරදූර කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත් එබැවින් අධ්‍යක්ෂ ජනෙරාල් වශයෙන් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටත් රාජකාරී ඉටුකිරීමේ දී ඉතා සුහදව කටයුතු කරන බවත් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජනෙරාල්වරයා සුහදත්වය සහ රාජකාරීය පටලාව ගත යුතු නැති බව අවධාරණය කරන ලදී.
එසේම සෑම විටම පවතින නීති සහ රීති වලට අනුකූල වෙමින් කටයුකු කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් අතර රාජකාරීයේ දී නීතිය සහ සුහදත්වය පටලවාගත නොගත යුතු බව පෙන්මා දෙන ලදී. නිදහසින් පසු රට ගොඩගැනීම සදහා අවස්ථා හිමි වී ඇති බවත් එම අවස්ථා පැහැර හැරීම නිසා අප සමාජථ ආර්ථික වශයෙන් ගැටලු රාශීයකට මුහුණ දී අැති බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ඉදිරි පරමිපරා කිහිපයකට මෙම රට ගොඩනැගීම භාරදිය යුතු නැති බවත් මේ ලැබී ඇති අවස්ථාව තුළ රාජ්‍ය නිළධාරීන් වශයෙන් රට ගොඩනැගීමේ කාර්යය අප ඉටු කළ යුතු බවත් මෙහි දී අවධාරණය කරන ලදී.
ආපදා කළමනාකණ මධ්‍යස්ථාන සුනාමි ව්‍යසනයෙන් පසු නැවත එවැනි ව්‍යසනය තත්ත්වයක දී සිදුවිය හැකි හානි අවම කරගනිමින් ඉතා හොදින් මුහුණ දීම සඳහා ස්ථාපිත කර ඇති ආයතනය වන බැවින් රට ගොඩනැගීමේ කාර්යභාරය තුළ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වශයෙන් අප විසින් යුතු විශාල කාර්යභාරයක් පවතින බවත් ඒ වගකීම ඉටු කිරීමට සියලු දෙනා අදිටන් කරගත යුතු බවත අවධාරණය කරන ලදී.
රට තුළ ඇතිවිය හැකි ආපදා අවදානම අවම කිරීම සහ ආපදා නිසා සිදුවන හානිය අවම කිරීම සදහා 2024 වර්ෂය තුළ ක්‍රියාත්මක කළ ප්‍රජාව දැනුවත් කිරීම්, පෙර සූදානම් කිරීම හා ආපදා හානි අවම කිරිමේ වැඩසටහන් වල ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් කඩිනම් කිරීම සදහා පියවර ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ සහ උපදෙස් ලබාදුන් අතර ප්‍රාදේශීය වශයෙන් පවතින අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරුන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් සහ සියඵම දිස්ත්‍රික් නියෝජනය කරමින් දිස්ත්‍රික් භාර නිලධාරීන් මේ සඳහා සහභාගී විය.