WhatsApp Image 2025-03-28 at 08.27.21

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙහි මෙරට සහකාර නියෝජිත නලින් මුණසිංහ මහතා ඇතුලු නියෝජිත පිරිසක් මාර්තු 27 වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නව ජනෙරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා හමුවිය.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සාමාජික රටක් බවට පත්වූ දා ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය යැපුම් ජීවනෝපාය කෘෂිකාර්මික ක්ෂේත්‍රය ජාතික ආර්ථිකයේ ගතික ආදායම් උපයන නිෂ්පාදන අංශයක් බවට පරිවර්තනය කිරීම සඳහා ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයෙහි තාක්ෂණික හා උපදේශන සේවා ලබාදීම සිදු කරනු ලබයි. එසේම මන්දපෝෂණය සහ කුසගින්න මැඩපැවැත්වීම සඳහා විිවිධ ක්ෂේත්‍ර යටතේ තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සැපයීම සිදු කරනු ලබයි. සාමාජීක රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තය, වන වගාව සහ ධීවර ක්ෂේත්‍රයන් නවීකරණය කිරීමට සහ ශක්තිමත් කිරීමටත් එම ක්ෂේත්‍ර වඩාත් තිරසාර භාවිතයක් තුළින් පාරිසරික් සහ ආපදා අවදානම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද මැදිහත් වේ.

එසේම ජාතික කළමනාකරණ සැලැස්මට අනුව (NDMP) ආපදා හේතුවෙන් කෘෂි ක්ෂේත්‍රයට සිදු වන හානිය අවම කිරීම සඳහා ගොවි ජනතාව හට ආපදා පුර්ව අනතරු ඇගවීම ලබාදීම පුරෝකථනය සහ පූර්ව අනතුරු ඇඟවීම මත පදනම්ව ව්‍යසනයේ බලපෑම් අවම කිරීම අරමුණු කරගත් ආපදා පෙරසුදානම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරී ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් සිදු කරනු ලබයි.

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහයෝගය අගය කළ නව අධ්‍යක්ෂ ජනෙරාල්වරයා නිශ්චිත වැඩපිළිවලක් යටතේ මහජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයෙන් ඉදිරි සැලසුම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්ක පෙන්වා දෙන ලදී.

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079