පවතින වියලි කාලගුණික තත්වය හමුවේ පෙබරවාරි දින 25 දින වන විට දිස්ත්‍රික්ක 12 ක කැලෑගිණි ගැනීම් 49 ක් පමණ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරියට වාර්තා වී ඇත. දිස්ත්‍රික් වශයෙන් ගත් විට මහනුවර (11), බදුල්ල(9), මාතලේ(7), ගම්පහ(4), කෑගල්ල(4), රත්නපුර(4) සහ නුවරඑළිය(4) යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ගිණිගැනීම් තත්ත්වයන් වාර්තාවී ඇත.
මෙම සිදුවීම් පරීක්ෂා කිරීමේ දී බොහෝ ගිණිගැනීම් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇති වූ ඒවා බව නිරීක්ෂණය වී ඇති අතර ගිනි ගැනීම් සඳහා බලපාන ලද හේතු සළකාබැලීමේ දී හේන් ගොවිතැන් සදහා බිම් සකස් කිරීම, සත්ව පාලනය සදහා තෘණ දලුලෑම සදහා වියලි තණ බිම් ගිණිතැබීම, සතුන් දඩයම් කිරීම සදහා තෘණ වියලි කැලෑබද ප්‍රදේශ ගිණිතැබීම, සංචාරකයින් විසින් සිදුකරනු ලබන ගිනී තැබීම්,මාර්ග දෙපස පවිත්‍ර කිරීම සදහා සිදු කරනු ලබන ගිණි තැබීම්, මිනිසුන් හිතාමතා සිදු කරනු ලබන ගිණි තැබීම් නිසා මෙම ගිනි ඇතිවී තිබෙන ගිණි ගැනීම් බව හදුනාගෙන තිබේ. නමුත් මෙම ගිනිතැබීම් සම්බන්ධයෙන් වගකිවයුතු පිරිස් හදුනාගැනීම අපහසු වී ඇත.
යම් රක්ෂිත ප්‍රදේශයක් තුළ ගිණි දැල්වීම හෝ ගිනි පැතිරීමට ක්‍රියා කරීම 2009 අංක 65 දරණ කැලෑ සංශෝධන පනත අනුව වරදකරුවකු වන බවත් එවැනි වරදකට වසර හතකට නොවැඩි කාලයක් බන්ධනාගාර ගත කිරීමටත් රුපියල් ලක්ෂ දෙකකට නොවැඩි දඩයකට ලක් කිරීමටත් හෝ මෙම දඩුවම් දෙකකටම යටත් කිරීමටත් හැකි අතර වනයට සිදු කරනු ලැබු හානිය අයකර ගැනීමටත් ප්‍රතිපාදන සළසා තිබෙනවා.
2025 ජනවාරි මස සිට පෙබරවාරි මස දින 25 දින දක්වා වාර්තා වී ඇති කැලෑගිණි ගැනීම්
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුලු පාර්ශවකාර් ආයතන සම්බන්ධීකරණය කරමින් ගිනිගැනීම් පාලනය කිරීමට සහ ගිනිගැනීම් හේතුයෙන් මහජනතාවට මුහුණපෑමට සිදු විය හැකි බලපෑම අවම කිරීම සඳහා ආපදා මධ්‍යස්ථානය කටයුතු කරනු ලබනවා.විශේෂයෙන්ම ගිනි ගැනීම් වළක්වා ගැනීමට සහ ක්ෂණිත ප්‍රතිචාර දැක්වීම සදහා පවතින සම්බන්ධීකරණ යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගැනීම, අවදානම් ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම, කැලැ ගිණි තබන පුද්ගලයින් නීතියේ රැහැනට හසු කිරීම සදහා මේ වන විටත් අදාල අංශ වෙත උපදෙස් ලබා දීම සහ ගිනි ආරක්ෂණ ක්‍රියාකාරකම්, ගිනි පටි කැපීම වැනි ක්‍රියාකාරකම් සිදු කරනු ලබනවා.
ගිනිගැනීම් පාලනය කිරීම සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය සඳහා මහජන මුදල් විශාල වශයෙන් වැය කිරීමට සිදු වෙනවා. ඒසේම කැලෑ ගිණි හේතුවෙන් සිදු වන පාරිසරික බලපෑම ද ඉතා විශාලයි. ඒබැවින් වනාන්තර ගිනි තැබීමෙන් වළකින ලෙසත් වනාන්තරවලට ගිණි තබන පුද්ගලයින් පිළිබඳ විස්තර දන්නේ නම් නීතියේ රැහැනට යොමු කිරීමටත් සහ යම් ස්ථානයක ගිනි ගැනීම් තත්ත්වයක් වාර්තාවන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයට දැනුවත් කරන ලෙසත් ආපදා කළමනාකරණ මද්යසථානය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.