මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලේ, දැනට ලැබී ඇති සංඛ්‍යා ලේඛන වලට අද දින වන විට (1/21) අනුව දිස්ත්‍රික්ක 18 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 127 ක පවුල් 5821 කට අයත් පුද්ගලයන් 19032ක් ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් වී ඇති බවයි. ආපදාවෙන් පීඩාවට පත්වූ ජනතාව වෙනුවෙන් සුරක්ෂිත මධ්‍යස්ථාන 17ක් පවත්වාගෙන යන අතර, සුරක්ෂිත මධ්‍යස්ථාන වල රඳවා සිටින පිරිස සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙන්ම වියළි හා පිසූ ආහාර සලාක ලබා දීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. ආපදා හේතුවෙන් පුද්ගල මරණ 2ක් වාර්තා වී ඇති අතර, පූර්ණ නිවාස හානි 10ක්, සුළු හෝ අර්ධ නිවාස හානි 438ක් මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානි 25ක් හා වැදගත් යටිතල පහසුකම් 2ක් ද හානියට ලක් වී ඇති බව වාර්තා වී ඇත. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යංශය යන ආයතන වල පූර්ණ අධීක්ෂණය යටතේ ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශ වල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, සියලු රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය හා අනෙකුත් සහන සේවා කණ්ඩායම් එක්ව පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක සහන සැලසීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, තවද එම ප්‍රදේශ වල වැව් හා වාරිමාර්ග බොහොමයක් තවමත් පිටාර මට්ටමේ ඇති බැවින් වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ උපදෙස් පරිදි අවදානම් සහිත වැව් බැමි ශක්තිමත් කිරීමේ කටයුතු ද සිදු කරනු ලබන බව ප්‍රකාශ කරන ලදී. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා සහන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 30ක මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති අතර, අවතැන් වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර හෝ වියලි සලාක ලබාදීම සඳහා දෛනික ආහාර සලාක දීමනාවක් ලබාදීමට රජය කටයුත් යොදා ඇති අතර ආපදා හේතුවෙන් සිදුවන ජීවිත හානි වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් 250,000ක වන්දි මුදල රුපියල් මිලියනයක් දක්වා ඉහළ නැංවීමට ද රජයේ අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී. අවදානමට පෙර සූදානම ඇති කිරීමේ රාජ්‍ය යාන්ත්‍රණය මේ වන විටත් සකස් කෙරෙමින් පවතින බවත්, එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතන ඇතුළු ආපදා සහන කණ්ඩායම් වලට විශාල වගකීමක් පැවරී ඇති බවත්, රජයේ උපදෙස් හා නිවේදන වලට අනුගත වෙමින් සිදුවිය හැකි හානි අවම කරගැනීමට සහාය වීමට ජනතාව තවදුරටත් කටයුතු කලයුතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.
ආරක්ෂක ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
News & Events
- දිවයිනට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම
- 2025 වර්ෂයේ වැඩ ආරම්භය
- සුනාමි ව්‍යසනයට විසි වසරක්, ජාතික සුරක්ෂිත දින සැමරුම දෙසැම්බර් 26
- ඊසාන දිග මෝසම් පුර්ව සුදානම වෙනුවෙන් පාර්ශවකාර ආයතන දැනුවත් කිරීම
- සෙන්දායි රාමුගත සම්මුතියේ ඉලක්ක සපුරාගැනීම පිළිබද ප්‍රගති සමාලෝචන වැඩසටහන-
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079