Bad weather bay of bengol

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, අම්පාර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල ඉදිරි නැවත දැනුම් දෙන තුරු ධීවර හෝ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු ඇගවීම්.

අද දිනයේ (11/23) නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි. ඉදිරි දිනයන්හිදී දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං.

ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයබටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 25 වන දින වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (11/23) නිවේදනය කර ඇත.

මෙම අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් ඉදිරි දින කීපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත ඉතා තද වැසි සහ සුළං සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ. එසේම අද දින වන විට (11/23) නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 150 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බව මෙම නිවේදනයෙන් අවධාරණය කර ඇත.

එසේම දිවයින වටා මුහුදු ප්‍රදේශ විටින්විට රළු විය හැකි අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. අද දින 23 වන විටත් මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, අමිපාර හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වල නොයෙදන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවට අනතුරු අඟවා ඇත.

ඊට අමතරව හෙට දිනය තුළ දිවයිනේ බොහෝ පළාත්වලට පැයට කිලෝමීටර් 40 ඉක්ම වු තද සුළං ඇතිවිය හැකි බවත් මෙම තත්ත්වය ඉදිරි දින කීපය පුරාවට පැවතිය හැකි බවත් දක්වා ඇත.

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වන දින ආරම්භවීමට නියමිතය. එබැවින් මේ ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් පිළිබද දැඩි අවධානයොමු කළ යුතු අතර දිවයින මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් සහ හදුනාගත් නායායෑම් අවදානම් කලාපවල ජීවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  අද දින නිකුත් කරන ලද නිවේදනය සඳහා පිවිසෙන්න

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079