බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර - ලුණුගල මාර්ගයේ 13 හන්දියේ සිදු වූ නායයෑම හේතුවෙන් මෙම මාර්ගය වාහන ගමනාගමනය සඳහා තාවකාලිකව වසා දමා ඇති අතර නායයාම නිසා මාර්ගයට වැටී ඇති සුනුබුන් ඉවත් කිරීම සිදු කරමින් පවතී. ඊට අමතරව මෙම ස්ථානයේ පවතින අවදානම පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයයේ විශේෂඥ කණ්ඩායමක් අද දින ස්ථානීය පරික්ෂණයක් සිදු කිරීමට කටයුතු යොදා ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පැවසීය. මෙම විශේෂඥ කමිටු නිර්දේශ මත ඉදිරි කටයුතු සැලසුම් කරන බවත් එතෙක් මෙම මාර්ගය වාහන ධාවන කටයුතු සිදු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදු වන බවත් ඒ මහතා දන්වා සිටින ලදී.
ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික උපදෙස් මත මාර්ග සංවර්ධන අධිකාරිය සහ පොලිසිය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධීකරණයෙන් මාර්ගයේ සුන්බුන් ඉවත් කිරීම සිදු කිරිමට කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් පෙන්වා දෙන ලදී.
අද උදෑසන සක්‍රීය වු මෙම නායයාම නිසා නවතා තිබූ ත්‍රිවිල් රථ 03 හානියට පත් වී ඇති අතර මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා මගීන් හට ගමන් කිරීම සඳහා විකල්ප මාර්ග නොමැති බැවින් කඩිනමින් මෙම මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු නිම කිරීමට අපේක්ෂා කෙරේ.