සවචඡ බලකයක සථපත කරමහදිසි අවස්ථාවලදී ස්වේච්ඡාවෙන් ක්‍රියා කිරීමට කැමති 100,000 යුතු පිරිසක ආපදා මෙහෙයුම් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කමනාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවති මාධ්‍ය හමුවේ දී විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යවරයා පැවසීය.
එහි මුල් පියවර වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය ඒකාබද්ධව වසය අවුරුදු 18 වැඩි බාල දකෂ/දක්ෂිකාවන් හට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද පුහුණුවක් ලබා දී ස්වේච්ඡා බලකායක් ලෙස ස්ථාපිත කිරීමේ සමාරම්භක අවස්ථාව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී 2018-09-21 සිට 23 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. මෙම වැඩසටහන දීපව්‍යාප්තව පවැත්වීමට කටයුතු කරන අතර විවිධ වෘත්තීන්ට අයත් සහ ස්වේච්ඡාවෙන් හදිසි අවස්ථාවලදී ක්‍රියා කිරීමට කැමති 100,000 යුතු පිරිසක් ආපදා මෙහෙයුම් ස්වේච්ඡා බලකායක් ස්ථාපිත කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරනු ඇත.


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා බාල දක්ෂ සංගමය අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර හදිසි ආපදා අවස්ථාවක දී බාලදක්ෂ දක්ෂිකාවන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා සම්බන්ධව ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමටත් මෙම ගිවිසුම් මගින් එකතා පල කරන ලදී. එසේම ඔනෑම වෘත්තියක යෙදෙන ආපදා අවස්ථාවක දී ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට කැමති පිරිසට මෙම බලකායට එක්විය හැකිය.
සෑම දිස්ත්‍රික්කයක් නියෝජනය වන පරිදි දිස්ත්‍රික් මට්ට්මින් දත්ත ගබඩාවක් සකස් කිරීම සහ යාවත් කාලීන කිරීමත් හදිසි අවස්ථාවල දී ස්වේච්චා කණ්ඩායම් අපදා කළමනාකරණ මෙහෙයුම් සදහා සම්බන්ධ කරගැනීමත් අපේක්ෂා කරන අතර දිස්ත්‍රික් මට්ටමින් ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කාර්යාල සමග සම්බන්ධිකරණය සමගින් තිරසර ආපදා කළමනාකරණ ක්‍රමවේදයක් රටේ ස්ථාපිත කිරීම සදහා විවිධ වෘත්තීන්හි නිරත වන පිරිස් සම්බන්ධ කරගැනීම අපේක්ෂා කෙරේ.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052