වාරිමාර්ග ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාශ ලේකම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් දිවයිනේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ සහභාගීත්වයෙන් "ආපදා අවදානම් අවම කිරීම සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවාහය තුළට ඇතුළු කිරීමේ ව්‍යාපෘතිය යටතේ පුද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමග ඉදිරි සැලසුම් සකස් කිරීමේ වැඩසටහන" 2018 09 06 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී (BMICH) පවත්වන ලදී. ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බහුජාතික සහ ජාතික මට්ටමේ ව්‍යාපාරික ආයතන 60 ක නියෝජිතයින් මෙම අවස්ථාවට සහභාගි විය.

ආපදා කළමනාකරණය සදහා පෞද්ගලික අංශය මගින් දෙනු ලබන දායකත්වය, ආපදා සහනසේවා වැඩසටහන්වලින් ඔබ්බට යමින් සිදුකිරීම සදහා මෙම වැඩසටහන ඉවහල් වන අතර ශ්‍රී ලංකාව තුළ ආපදා අවදානම් අවම කිරීම සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවාහය තුළට ඇතුලු කිරීම සදහා සෙන්දායි රාමුවෙහි ප්‍රධාන අංග වන අවදානම් හදුනාගැනීම, අවදානම් පාලනය, අවදානම් සංවේදී ආයෝජනය සහ අවදානම් අවමකිරීම සදහා පෙරසුදානම්වීම යන අංශ ආවරණය වන පරිදි පුද්ගලික අංශය සදහා මාර්ගෝපදේශ සැකසීම මෙම වැඩමුලුවෙහි ප්‍රධාන අරමුණ විය.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052