පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්‍රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී.
ඒ අනුව ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම සදහා අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්‍රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බව සහ සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව මෙම නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එසේම මෙවැනි ගංවතුර තත්ත්වයන් සඳහා විසදුම් ලබාදීම සඳහා දිගු කාලීන අවමකිරීමේ ව්‍යාපෘති හදුනාගෙන ඇති බවත් ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හදුනාගෙන ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
විපතට පත් ජනතාව සඳහා අවශ්‍ය ආහාර පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සහ ග්‍රාමීය කමිටු විසින් ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා ආහාර ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් එය තව දුරටත් ශක්තිමත් කිරීම සදහා 1/2020 (1) චක්‍රලේඛය මගින් ලබා දී තිබු සහන වැඩි කිරීමට රජය විසින් කටයුතු කළ බව අමාත්‍යවරයා මෙම නියෝජිත පිරිස අමතමින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ඒ අනුව එක් පුද්ගලයෙකු සදහා දිනකට ආහාර සදහා පැවති රුපියල් 450.00 මුදල රුපියල් 600 දක්වා වැඩි කළ බවත් එක් පුද්ගලයකු සදහා වියලි ආහාර වෙනුවෙන් සතියක කාලයක් සදහා වෙන් කර තිබු රුපියල් 1,350.00 ක මුදල 1,800.00 දක්වා ද සාමාජිකයින් 02 දෙනෙකු සදහා වු මුදල රුපියල් 1,800.00 සිට 2,400.00 දක්වා ද, සාමාජිකයින් 03 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,100.00 සිට රු 2,800.00 දක්වා ද, 04 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,400.00 සිට රු 3,200.00 දක්වා ද, 05 දෙනෙකු හෝ ඊට වැඩි පවුලක් සදහා වු මුදල රුපියල් 2,700.00 සිට රු 2,600.00 දක්වා ද වැඩි කර ඇත.
මෙම දැනුවත් කිරීම රැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ විය.