ගංවතුර ආපදාවට ලක් වූ ප්‍රදේශවල ළිං පවිත්‍ර කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප ලබාදීම.
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයකින් යුතුව මහජනතාව වෙත සැපයීම සඳහා වන සම්බන්ධීකරණ යාන්ත්‍රණය පිළිබඳවසහ ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම වෙනුවෙන් අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කර ගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බැවින් සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන දැනුවත් කිරීම ගරු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් කළුතර, කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ගංවතුර ආපදාවට ලක් වු ප්‍රදේශවල පානීය ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම භාවිතා කිරීම සඳහා ගිල්විය හැකි ජල පොම්ප ඒකක 10 ක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ලබා දීමට කටයුතු කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP)මෙරට වැඩසටහන් භාර නිලධාරීනී මලින් හර්විග් (Ms. Malin Herwig) මහත්මිය විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත මෙම භාණ්ඩ භාරදීම පසුගිය දා සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත්එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දේශගුණ සහ පරිසර පිළිබඳප්රතිපත්ති විශේෂඥ බුද්දික හපුආරච්චිඇතුලු නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
කොළඹ මහනුවර මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් ගස් සහ ගල් ඉවත් කිරීම.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව කොටස මාර්තු 08 වන දින පස්වරු 7.30 සිට තාවකාලිකව වසා දමා අවදානම් තත්ත්වයේ පවතින ගල් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කරන ලදී.
මෙම කාල සීමාව තුළ කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොළ, අඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ හෝ කෑගල්ල කරඬුපන හරහා රඹුක්කන හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරට හෝ මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ මාර්ගය ඔස්සේද මහනුවරට ළඟාවීම සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන ලදී.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම්තුමගේ උපදෙස් මත ආපදා කළමනාරණ සම්බන්ධීකරණ ඒකකය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලද අතර මාවනැල්ල ප්‍රාදේශීය ලේකම්, මාර්ග සංවර්ධන අධිකාරිය, දැව සංස්ථාව, මාවනැල්ල ප්‍රාදේශීය සභාව සහ පොලීසය ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධ විය.
පවතින ආපදා තත්ත්වය පිළිබඳව රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීම
පසුගිය දින කීපය තුළ ඇද හැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගනණාවක ක්ෂණික ගංවතුර මෙන්ම නායයාම්, කණ්ඩි කඩවැටීම් ආදී ආපදා තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 3 පවුල් 65,777 අයත් පුද්ගලයින් 247,406 ක් බලපෑමට ලක් වී ඇති බවත් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 166 පවත්වා ගෙන යන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යතුමා අද දින (05) ආපදාවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නොවන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් පැවසීය.
ආපදා තත්ත්වය පහව යෑමෙන් පසු ජන ජීවිතය යථාත්වයට පත් කර ගැනීම සදහා රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉටු කිරීමට අපේක්ෂිත සේවාවන් නිසි කළමනාකරණයෙන් යුතුව මහජනතාව වෙත සැපයීම වෙනුවෙන් වු සම්බන්ධීකරණ යාන්ක්රණය පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් මෙම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් මෙම රුස්වීම සංවිධානය කරන ලදී.
ඒ අනුව ආපදාවලට ලක්වී ඇති ප්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සුරක්ෂිත පානිය ජල සැපයුමක් සහතික කිරීම සදහා අපවිත්‍ර වී ඇති ජල මුලාශ්‍ර පිරිසිදු කිරීම, සෞඛ්‍ය සුරක්ෂිත කරගැනීම, ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම, යටිතල පහසුකම් ප්රතිංස්තරණය කිරීම අදාල පාර්ශවකාර ආයතන විසින් සිදු කරමින් පවතින බව සහ සපුරා ගත යුතු අවශ්‍යතා පිළිබඳව මෙම නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
එසේම මෙවැනි ගංවතුර තත්ත්වයන් සඳහා විසදුම් ලබාදීම සඳහා දිගු කාලීන අවමකිරීමේ ව්‍යාපෘති හදුනාගෙන ඇති බවත් ඒවා ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම හදුනාගෙන ඇති බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
විපතට පත් ජනතාව සඳහා අවශ්‍ය ආහාර පානීය ජලය, සෞඛ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිළධාරීන් සහ ග්‍රාමීය කමිටු විසින් ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා ආහාර ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවත් එය තව දුරටත් ශක්තිමත් කිරීම සදහා 1/2020 (1) චක්‍රලේඛය මගින් ලබා දී තිබු සහන වැඩි කිරීමට රජය විසින් කටයුතු කළ බව අමාත්‍යවරයා මෙම නියෝජිත පිරිස අමතමින් වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
ඒ අනුව එක් පුද්ගලයෙකු සදහා දිනකට ආහාර සදහා පැවති රුපියල් 450.00 මුදල රුපියල් 600 දක්වා වැඩි කළ බවත් එක් පුද්ගලයකු සදහා වියලි ආහාර වෙනුවෙන් සතියක කාලයක් සදහා වෙන් කර තිබු රුපියල් 1,350.00 ක මුදල 1,800.00 දක්වා ද සාමාජිකයින් 02 දෙනෙකු සදහා වු මුදල රුපියල් 1,800.00 සිට 2,400.00 දක්වා ද, සාමාජිකයින් 03 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,100.00 සිට රු 2,800.00 දක්වා ද, 04 දෙනෙකු සදහා වු මුදල රුපියල් 2,400.00 සිට රු 3,200.00 දක්වා ද, 05 දෙනෙකු හෝ ඊට වැඩි පවුලක් සදහා වු මුදල රුපියල් 2,700.00 සිට රු 3,600.00 දක්වා ද වැඩි කර ඇත.
මෙම දැනුවත් කිරීම රැස්වීම සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින් පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ විය.
පවතින ආපදා තත්ත්වය කළමනාකරණය කරගැනීම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස්
පවතින ආපදා තත්ත්වය පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සමග විශේෂ සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ (03) වන දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය පරිශ්‍රයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.
පසුගිය දින කීපය තුළ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර, කොළඹ, ගම්පහ, රත්නපුර, කෑගල්ල, බදුල්ල, මහනුවර, නුවරඑලිය වන දිස්ත්‍රික්ක වල පීඩාවට පත්වූ ජනතාවට සහණ සැලසීම හා විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේදී දිස්ත්‍රික් ලේකම් වරුන්ට බලපාන් ගැටළු සදහා ක්ෂණික විසදුම් ලබාදීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.
එසේම පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සහ පැවති අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් වශයෙන් සිදුවී ඇති ආපදා තත්ත්වයන් සහ ඒවා කළමනාකරණ කර ගැනීම සදහා කටයුතු ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවළ සහ ප්‍රගතිය, පවතින අඩුපාඩු සහ ගැටලු පිළිබදව මෙහි දී සාකච්ඡා කරන ලදී.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) අදීප තිලකරත්න, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුනාවර්ධන සහ ත්‍රිවිධ හමුදා ආපදා කළමනාකරණ සම්බන්ධීකාරකවරුන් හා ආපදා කළමනාකරණ මධ්යස්ථෘනයේ සහ ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නිළධාරීන් සහභාගි විය.
පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් පිළිබඳව සොයාබැලීමට ආරක්ෂක ලේකම් ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානය නිරීක්ෂණය කරයි.
පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් පිළිබඳව සොයාබැලීම සදහා අද දින (02) රක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන ලදී. ඊයේ (01) දිනය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, හම්බන්තොට, කලුතර, කොළඹ, ගම්පහ, රත්නපුර යන දිස්ත්‍රික්ක වල පීඩාවට පත්වූ ජනතාව සෙවීම් මුදවාගැනීම් සම්බන්ධීකරණය සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද (02) දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කරන ලදී.
පවතින ආපදා තත්ත්වය පිළිබදව සහ පීඩාවට පත් ජනතාව වෙත අවශ්‍ය සහන ලබජදීම සම්බන්ධීකරණ සිදු කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය සොයා බැලු ආරක්ෂක ලේකම්තුමා පවතින තත්වය පිළිබදව නිරන්තර අවධානය යොමු කරමින් ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම් සදහා අවශ්‍ය සම්බන්ධීකරණ සිදු කිරීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ වැඩබලන අධ්යක්ෂ ජෙනරාල් අදීප තිරකරත්න මහතා වෙත උපදෙස් ලාබ දෙන ලදී.
ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාව සෙවීම් මුදවාගැනීම් සහ සහන සේවා සම්බන්ධීකරණ ක්‍රියාවලිය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් පවතින ආපදා තත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, පළාත්පාලන ආයතන මෙන්ම අනෙකුත් පාර්ශවකාර ආයතන කටයුතු කරමින් සිටී.
ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කලුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ගංවතුර තත්තවයක් වාර්තා වු අතර කුරුණෑගල, පුත්තලම, මහනුවර, නුවරඑලිය, බදුල්ල, සහ මාතලේ ඇතුලු දිස්ත්‍රික්ක 13 ක පවුල් 40,728 ක සාමාජිකයින් 159,991 ප්‍රමාණයක් පීඩාවට පත්විය.
ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව සහ නාවික හමුදාව සහ ගුවන් හමුදාව, පොලීසිය මෙන්ම පළාත් පාලන ආයතන විසින් ගලවා ගැනීමේ සහ ආපදා සහන සැලසීමේ කණ්ඩායම් විසින් ආපාද තත්ත්වයට මුහුණ දී ඇති ජනතාවට සහන සැලසීමේ කටයුතු අවශ්‍ය පරිදි සම්බන්ධී කරණය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාවිතා කරන ස්වයංක්‍රීය ජල මාපතය ආරක්ෂිතව ගොඩගැනීම
ගංවතුර අවදානම පිළිබදව තොරතුර ලබාගැනීම සඳහා භාවිතා කරනු ලබන ස්වක්‍රීයව ජල මාපක උපකරණයක් (ADCP) මගින් කැලණි ගංගා ද්‍රෝනියේ ගංවතුර අවදාම පිළිබදව නිරීක්ෂණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබීය.
කැලණි ගංගා ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය දැඩි අවදානම් පිළිබඳව අඛණ්ඩය නිරීක්ෂණය කිරීම මෙමගින් සිදු කරනු ලැබු අතර ජලය ගැලීමේ රළු ස්භාවය හේතුවෙන් ඊයේ (03) දිනයේ දී මෙම උපකරණය ජලයේ ගසා ගෙන ගොස් කැලණි ගංගාව හරහා තනා ඇති හංවැල්ල පාලම අසල සිර වු අවස්ථාවේ දී එම උපකාරණයට හානි සිදු නොවන අයුරින් ආරක්ෂිතව මෙම උපකරණය මුදා ගැනීම සදහා අදාල සම්බන්ධීකරණය සිදු කිරීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් කටයුතු කරනු ලැබීය. ඒ අනුව ක්ෂණිකව නාවික හමුදා කිමිදුම් භට කණ්ඩයක් එම ස්ථානයට යොමු කර මෙම උපකරණයට කිසිදු හානියක් නොවන අයුරින් මුදවා ගැනීමට හැකි විය.
මේ නිසා ගංගාවේ ජල මට්ටම් පිළිබදව නිරන්තර අවධානය යොමු කිරීම සහ මහජනතාවට අවදානම් නිවේදන නිකුත් කිරීමේ දී වඩාත් නිවැරදි තොරතුරු ලබාදීම සදහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මුහුණු පෑමට සිදු වු ගැටලු කාරී තත්ත්වය මගහැර ගැනීමට හැකියාව ලැබිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව විසින් කොළඹ දිස්ත්‍රික්කයේ
ගංවතුර අවදානම්ට ලක් වු ජනතාව මුදවා ගැනීම
පසුගිය දින වලදී පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශවල ගංවතුරු තත්ත්වයක් ඇති වු අතර මෙම ප්‍රදේශවල ජීවත් වු ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි වු පිරිස ආරක්ෂිතව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමු කිරීම සදහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් සහය ලබා ගන්නා ලදී. කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතරට කොටු වී තම නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීමට කටයුතු කරන ලදී.
උතුරු මුල්ලේරියාව ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම
කැලණිමුල්ල ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම සහ නිවාස වල සිටින පිරිස් සදහා වියලි සලාක සහ උදෑසන ආහාර ලබාදීම.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැල්ලවත්ත ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හම්වැල්ල ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව වේලේවත්ත පොල්වත්ත ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ඇතිවිය හැකි ගංවතුර මට්ටම අවම කර ගැනීම සදහා වැලි කොට්ට ගසා ගංඉවුර ශක්තිමත් කිරීම.
කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැලණි ගඟට මායිම්ව පිහිටි පුහුකොස්ගහ සහ කොහිලවත්ත කනත්ත යන ස්ථාන කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟ ඇතිවිය හැකි ගංවතුර මට්ටම අවම කර ගැනීම සඳහා එම ස්ථානයේ වැලි උර 500ක් පමණ ප්‍රමාණයක් යොදා ගනිමින් ගං ඉවුර ආවරණය කිරීමට කටයුතු කිරීම.
කොළඹ දිස්ත්‍රික්කයේ මුල්ලේරියාව ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කොළඹ දිස්ත්‍රික්කයේ මෙගොඩ කොලොන්නාව ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
බටුවන්හේන, ඇල්පිටිය උතුර, ගෝළුවාමුල්ල, ගොළුවාමුල්ල බටහිර, ඔිපාත, හිඹටුගොඩ, වක්කඩහේන, කහදුව, පිළිකහන, වතුරවිල යන ප්‍රදේශ ආශ්‍රිතව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිස් සෙවීම් මුදවා ගැනීම් කණ්ඩායම්ස ම්බන්ධීකරණයෙන් විපතට පත් ජනතාව මුදවා ගැනීම සිදු කරන ලදී.
ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
හබරකඩ නැගෙනහිර, හබරකඩ බටහිර, තවලම, දකුණ, තවලම උතුර, හිනිදුම උතුර, හිනිදුම දකුණ, හිනිදුම බටහිර, කෝරළේගම, ගල්අන්දල ප්‍රදේශ ආශ්‍රිතව සෙවීම් හා මුදවාගැනීම්
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
පරණ තානායම්ගොඩ පහළ, මාපලගම, අලුත්පහළ, අලුත්ඉහළ, මලාමුර,ගොල්ලේගොඩ නැගෙනහිර, නාගොඩ, කුරුපනාව, උනන්විටිය, උඩුගම ප්‍රදේශ ආශ්‍රිතව සෙවීම් හා මුදවා ගැනීම
ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
නෙළුව, බටුවන්ගල, මාවනාන, තඹලගම, මාවිට ප්‍රදේශ ආශ්‍රිතව සෙවීම් හා මුදවා ගැනීම
ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
මහ හේන්ගොඩ, බොරළුගොඩ, හම්මැලිය, මාජුවාන, තෙලිකඩ, හොරගම්පිටිය,ගොතටුව, බද්දේගම ප්‍රදේශ ආශ්‍රිතව සෙවීම් හා මුදවා ගැනීම
ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිට දිවිතුර ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
නුගේතොට, අගලිය, දිවිතුර, වාඩුවැලිවිටිය ප්‍රදේශ ආශ්‍රිතව සෙවීම් හා මුදවා ගැනීම
කළුතර දිස්ත්‍රික්කයේ සෙවීම් මුදවාගැනීම් සහ සහනසේවා සම්බන්ධීරණය
කළුතර දිස්ත්‍රික්කයට ඇති වූ හදිසි ආපදා තත්වය හේතුවෙන් බුලත්සිංහල, මිල්ලනිය, මතුගම, පාලින්දනුවර, කළුතර, වලල්ලාවිට, ඉංගිරිය, දොඩංගොඩ, මදුරාවල, අගලවත්ත හා හොරණ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව පීඩාවට පත්විය.
ගංවතුර, නායයෑම්, පස්කදු කඩා වැටීම්, තද සුළං සහ මුහුදු රළ ගොඩට පැමිණිම වැනි ආපදා තත්ත්වයන් වාර්තා වු අතර සෙවීම් මුදවාගැනීම්, සහන සේවා කණ්ඩායම් සහ අදාල පාර්ශව කරුවන් සම්බන්ධීකරණය කරමින් පීඩාවට පත්ව සිටින ජනතාව මුදවා ගැනීම, සහන සැලසීම හා වෛද්‍ය පහසුකම් සැලසීම අඛණ්ඩව සිදුකර ගෙන යාමට කටයුතු කරන ලදී.
කළුතර දිස්ත්‍රික්කයේ වැලිපැන්න ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, නම්බපාන සහ කැකුලලිය ප්‍රදේශයන්හි නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කළුතර දිස්ත්‍රික්කයේ උඩුවර ප්‍රදේශයේ නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.
කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල මෝල්කාව සහ දඹව ප්‍රදේශයන්හි නිවෙස්වල සිරවූ පුද්ගලයින් මුදවා ගැනීම.