හදිසි අනතුරු ඇඟවීම්

rss

 

Tsumani 2018වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය සියලු පාර්ශවකාර ආයතන වල සහභාගීත්වයෙන් “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” 2018 සැප්තැම්බර් 05 දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක පැවැත්විණි.

ගාල්ල,අම්පාර,මුලතිව් යන දිස්ත්‍රික්කවල පිළිවෙළින් හික්කඩුව,පවුල් 80 ක පුද්ගලයින් 223ක් ද , නින්තවූර් පවුල් 930 ක පුද්ගලයින් 930 ක් ද සහ මුහුදුබඩපත්තු (Maritimepattu) පවුල් 1295 ක පුද්ගලයින් 3738ක් වශයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සුනාම් කුලුණු ආශ්‍රිතව වඩාත් අවදානම් යැයි හදුනාගත් ග්‍රාම නිළධාරී කොට්‍ඨාශ 02 බැගින් තෝරාගෙන පවුල් 2305 ක පුද්ගලයින් 4991 සුනාමි ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රායෝගික පෙරහුරුවක් සිදු කෙරිණ. එසේම තෝරාගත් පාසැල්,තෝරාගත් රාජ්‍ය ආයතන සහ ව්‍යාපාරික ස්ථාන, තොරාගත් සංචාරක හෝටල් මෙම පෙරහුරුව සදහා සහභාගීවිය.

යාපනය, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, මාතර, කලුතර, කොළඹ, ගම්පහ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රිත්කවල සුනාම් කුලුණු ක්‍රියාකාරීත්වය සහ සංඥා නිකුත් වන දුර සහ සංඥාවල පැහැදිළිබව සහ ශබ්දය පරීක්ෂා කරනු ලබන අතර සියලු පුර්ව සංනිවේදන සම්බන්ධතාවල ක්‍රියාකාරීත්වය පිළිබද පරීක්ෂණයට ලක්කෙරිණි. ස්වාධීන නීරික්ෂකයින් (Observers) සහ ඇගැයිම්කරුවන් (Evaluation) මගින් මේ පිළිබද පරීක්ෂා කළ අතර 270 ක ස්වේච්ඡාවෙන් මෙම කාර්ය සදහා සහයෝගය දක්වන ලදී. Prof. Richerd Haigh සහ මහාචාර්ය දිලන්ති අමරතුංග එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) නියෝජනය කරමින් සහභාගී විය. ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) නියෝජනය කරමින් වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ උපදේශක Thakayaki Nagai මහතා සහභාගී විය.

වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ජාතික සුනාම් පෙරහුර වැඩසටහන සදහා,
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික සහන සේවා මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, වෙරළආරක්ෂක පාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධාන ඇතුලු ආපදා කළමනාකරණය පිළිබද පාර්ශවකාර ආයතන ස්වාධීන නීරික්ෂකයින් (Observers) සහ ඇගැයිම්කරුවන් (Evaluation) සම්බන්ධ විය.

එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන 2018 සැප්තැම්බර් 05 දින පැවැත්වීමට තීරණය කෙරිණි. ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, කැමරුන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරාණය, කෙන්යාව, මැඩගස්කර්, මැලේසියාව, මුරුසි දිවයින, මොසැම්බ්ක්, මියන්මාර්, ඕමාන්, පාකිස්ථානය, ෂීෂෙල්ස්, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, යෙමනන් ඇතුලු කලාපීය රටවල් 28 ක් මෙම කලාපීය සුනාමි පෙරහුරුව සදහා සහභාගී විය.

වාරිමාර්ග ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රටේ ජනාතවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සදහා රටවෙනුවෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් වු සම්මුතිවලට එකගත්වය ඵල කර ඇත. සුනාම් ආපදාවක දී රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා එක්සත් ජාතීන්ගේ අධයාපන විද්‍යාත්මක සහ සංස්තෘකික සංවිධානය (යුනෙස්කෝ සංවිධානය), අන්තර් ජාතික සාගරවිද්‍යා කොමිසම (Intergovernmental Oceanographic Commission) සහ ඉන්දියානු සාගර කලාපයේ සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) විසින් සාමාජික රටවලට සුනාමි ආපදා තත්වයක දී කටයුතු කළයුතු ආකාරය පිළිබදව පෙරහුරු අභ්‍යාෂ සිදුකිරීම සහ පවතින ක්‍රමවේද යාවත්කාලීන කිරීම සහ උපදෙස් අනුව කටයුතු කිරීමට රටක් වශයෙන් අප බැදී ඇත.

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052