tSUNAMI 2018වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය සියලු පාර්ශවකාර ආයතන වල සහභාගීත්වයෙන් “සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” 2018 සැප්තැම්බර් 05 දිවයින පුරා දිස්ත්‍රික්ක 14 ක පැවැත්විමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටුයුතු යොදා ඇත. වාරිමාර්ග ජලසම්පත් සහ ආපදා කළමනාකරණ ගරු අමාත්‍ය දුම්න්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ ගරු රාජ්‍ය අමාත්‍ය පාලිත රංග බණ්ඩාර අමාත්‍යතුමාගේ සහ අමාත්‍යාශ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ ජනරාල්ගේ සහභාගීත්වයෙන් මෙම සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන පැවැත්වේ. 

දිවයිනම ආවරණය වන පරිදි පිහිටා ඇති සුනාමි පුර්ව අනතුරු ඇගවීමේ කුලුණු 77ට අදාලව සංඥා නිකුත් කරන අතර ගාල්ල, අම්පාර, සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සුනාම් ආප දාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබදව ප්‍රායෝගික පෙරහුරු වැඩසටහන් පැවැත්වේ. ඊට සමගාමීව ජාතික සහ අන්තර් ජාතික පරීක්ෂණ මණ්ඩලයක් විසින් සියලු ස්ථරවල වගකීම් සම්මත මෙහෙයුම් පටිපාටි (Standard Operating Procedure) අනුගමනය කරන ආකාරය පරීක්ෂා කෙරේ.

ගාල්ල,අම්පාර,මුලතිව් යන දිස්ත්‍රික්කවල පිළිවෙළින් හික්කඩුව, නින්තවූර් සහ මුහුදුබඩපත්තු (Maritimepattu) යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල සුනාම් කුලුණු ආශ්‍රිතව වඩාත් අවදානම් යැයි හදුනාගත් ග්‍රාම නිළධාරී කොට්‍ඨාශ 02 බැගින් තෝරාගෙන එහි ජනතාව, තෝරාගත් පාසැල්,තෝරාගත් රාජ්‍ය ආයතන සහ ව්‍යාපාරික ස්ථාන, තොරාගත් සංචාරක හෝටල්, සුනාමි ආපදාවක දී සුරක්ෂිත මධ්‍යස්ථාන කරා ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රායෝගික පෙරහුරුවක් සිදු කෙරේ. යාපනය, කිලිනොච්චි, ත්‍රිකුණාමලය, මඩකලපුව, හම්බන්තොට, මාතර, කලුතර, කොළඹ, ගම්පහ, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රිත්කවල සුනාම් කුලුණු ක්‍රියාකාරීත්වය සහ සංඥා නිකුත් වන දුර සහ සංඥාවල පැහැදිළිබව සහ ශබ්දය පරීක්ෂා කරනු ලබන අතර සියලු පුර්ව සංනිවේදන සම්බන්ධතාවල ක්‍රියාකාරීත්වය පිළිබද පරීත්ෂා කරනු ලැබේ.

2018 සැප්තැම්බර් 05 දින පෙරවරු කාලයේ දී ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇගීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning System.(IOTWS) මගින් කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව වෙත උතුරු සුමාත්‍රා දුපත් ආශ්‍රිතව රික්ටර් මාපක 9.3 භුමිකම්පාවක් සිදුවූ බවට පලමු පුර්ව අනතුරු ඇගවීම් නිවේදනය ලැබේ. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සියලු පාර්ෂවකාර ආයතන ඉතා ඉක්මනින් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත.

මෙය හුදෙක් පෙරහුරු අභ්‍යාෂයක් වන අතර මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමටත් කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී. එසේම සුනාමි ආපදාවක් යැයි කිසිදු ආකාරයක අනියත බියක් ඇති කර ගතයුතු නැති අතර සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන‍ට ජනතාවගේ සහයෝගය අපේක්ෂා කෙර්.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052