40125369 1081934341962692 1282886802666946560 n

 

 ආපදාවක දී ක්ෂණිකව තීරණ ගැනීම සහ ප්‍රාදේශීය පාර්ශවකාර ආයතන සමග මනා සම්බන්ධීකරණයක් සහිතව ආපදා අවස්ථාවක දී හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා සෑම දිස්ත්‍රික්කයකම හදිසි ප්‍රතිචාර දැක්වීමේ සැළසුම් සකස් කිරීම සහ යාවත්කාලීන කිරීම ආපදා මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ආපදා ප්‍රතිචාර දැක්වීමේ සැලැස්ම එළි දැක්වීම වාරිමාර්ග හා ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිදී ඇති වගා ලිං හා පානීය ජලය සපයා ගන්නා ලිං ප්‍රතිසංස්කරණය හා අලුතින් ඉදි කිරීමට රජය මගින් රුපියල් මිලියන 200 ක් වෙන් කර ඇතැයි මෙම අවස්ථාවට සහභාගීවෙමින් වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමන් ප්‍රකාශ කරන ලදී.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ නියගයෙන් සිදුවන වගාහානී අවමකර ගැනීමට අවශ්‍ය වගා ළිං ඉදි කිරීම, නිසි ප්‍රයෝජනයක් ලබාගත නොහැකි තත්වයට පත්වී ඇති වගා ළිං ප්‍රතිසංස්කරණය කිරීම, නියඟය නිසා ජන ජීවිතයට වන පීඩාව අවම කරගැනීම සදහා පොදු පානීය ළිං ඉදි කිරීම, පවතින පානීය ළිං ප්‍රතිසංස්කරණ සහ සිදී ගිය වැව් ආශ්‍රිතව ළිං ඉදිකිරීම සහ ජල මුලාශ්‍ර ආරක්ෂා කරගැනීම සදහා ජනතාව දැනුවත් කිරීම ඇතුලු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් එසේම පවතින ජල මුලාශ්‍ර අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කිරීමේ අවශ්‍යතාවය පිළිබදව අමාත්‍යතුමන් අවධාරණය කරන ලදී.

ජනතාවගේ දෛනික ජල අවශ්‍යතාවය ලබාදීම සදහා ජලය බෙදාදීම වෙනුවෙන් රජය විශාල මුදලක් වැය කරන බවත් රජය මගින් වෙන් කරන ලද මුදලින් උපරිම ළිං ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා ගොවි සංවිධාන සහ ජනතා සහභාගීත්වය සහිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් රුපියල් මිලියන 50 ක ප්‍රතිපාදන දැනටමත් ලබාදී ඇති බවත් තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052