39920075 1215516011937454 1150620166640369664 n

සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍ය නියෝජනය කරමින් විශේෂ නියෝජිත මණ්ඩලයක් 23.08.2018 දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී විය. 2030 තිරසර සංවර්ධනය ඉලක්ක ලගා කරගැනීම, ආපදා වලින් තොර වඩාත් සුරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සදහා සෙන්දායි රාමුවට අනුගතවෙමින් කටයුතු කිරීම පිළබදව මෙම නියෝජිත මණ්ඩල සැසිය තුළ සාකච්ඡා කෙ‍ෙරන අතර මෙම විශේෂ නියෝජිත හමුව 2018 අගෝස්තු 21 දින සිට අගෝස්තු 24 දක්වා කොළඹ දී පැවැත්වේ.
දුපත් රාජ්‍ය වශයෙන් මෙම රටවල පවතින සීමිත සම්පත් භාවිතයේදී තිරසර සංවර්ධනාත්මක සහ ප්‍රත්‍යත්ත ක්‍රමෝපායන් හදුනාගැනීමේ අවශ්‍යතාව, කාලගුණික විපර්යාස, නිරන්තරයෙන් සිදුවන ස්වභාවික ආපදාවල බලපෑමට ලක්වීම නිසා ආර්ථිකයට සිදුවන බලපෑම අවමකරගැනීම වැදගත් කම පිළිබදව මෙම සැසිය තුළ අවදානය යොමුවිය. එසේම 2015 සිට 2030 දක්වා ක්‍රියාත්මක වන සෙන්දායී රාමුව තුලදී සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන්හී කාර්යයභාරය හා ඒ සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය පිළිබඳව රාජ්‍ය නියෝජිතයින් දැනුවත් කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යභාරය හා ආපදා අවස්ථාවන්හිදී අනුගමනය කරන ලබන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙම වි‍ශේෂ නියෝජිත පිරිස දැනුවත් කරන ලද අතර ආපදාවට පෙර පැවතිය යුතු පුර්ව සූදානම පිළිබඳව හා සැලසුම් කටයුතු පිළිබඳව මෙන්ම පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද රටවල් අතර අත්දැකීම් හුවමාරු කර ගැනිණි. 2004 වර්ෂයේ සිදු වූ සුනාමි ව්‍යවසනය උදාහරණයට ගනිමින් ඉදිරියේදී එවැනි තත්ත්වකදී ක්‍රියාකළ යුතු අයුරු පිළිබඳව වූ විශේෂ වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරන ලදී.
තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය සංවිධානය කරන ලද මෙම විශේෂ නියෝජිත මණ්ඩල සැසිය සඳහා වාරිමාර්ග, ජලසම්පත් කළමනාකරණ සහ අපාදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු නිළධාරීන් පිරිසක් එක්විය.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052