Gampaha Monsoon Meeting 26-04-2024 16ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීයවීමත් සමග අපේක්ෂිත අධික වර්ෂාපතනයත් සමග ඇති විය හැකි ආපදා තත්ත්වයන් සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු පෙරසුදානම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම මෙම කමිටු රැස්වීමේ අරමුණ විය.

දේශගුණික වෙනස්කම් හා බලපෑම් මත කෙටි කාලයක් තුළ අධික තිව්‍රරතාවයෙන් යුක්තව වැසි ලැබීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වුව ද මේ සදහා බලපා ඇති සාධක සළකා බැලීමේ දී මිනිසා විසින් නිර්මාණය කරන ලද අක්‍රමවත් ක්‍රමවේදයන් බව දිස්ත්‍රික් ලේකම් විසින් පෙන්වා දෙන ලදී. එබැවින් නාගරික ක්ෂණික ගංවරතුර ඇති වීමට බලපා ඇති මුලික සාධක හදුනා ගැනීමත් ඒවා පාලනය කිරීම සඳහා කඩිනම් පිළියම් යෙදිය යුතු බවත් පෙන්වා දෙන ලදී.

ප්‍රාදේශීය ආපදා කළමනාකරණ කමිටු හා ග්‍රාමීය ආපදා කමිටු සක්‍රීයව ක්‍රියාත්මක විය යුතු බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ප්‍රාදේශීය ග්‍රාමීය ආපදා කමිටු කැඳවා අදාළ නිලධාරීන් සමග ආපදා කළමනාකරණ නිලධාරීන් සම්බන්ධ වී, ගම් හා වසම් මට්ටමින් තම කොට්ඨාසයේ ආපදා පිළිබඳ සැලසුම් සකස් කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනාරාල් පෙන්වා දෙන ලදී.එසේම ආපදා කළමනාකරණ කාර්යයේදී පූර්ව සූදානම්විමේ වැදගත්කම පිළිබදව අවධානය යොමු කළ අතර ඉදිරි මෝසම් වර්ෂා කාලය තුළ දී ආපදා තත්ත්වයන් අවම කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධානය යොමු කරන බව පෙන්වා දෙන ලදී.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකය විසින් සංවිධානය කරන ලද ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කටිමු රැස්වීම සදහා ප්‍රාදේශීය ලේකම්වරු, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු දිස්ත්‍රික්කය තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ සියලු පාර්ශවකාර ආයතන සම්බන්ධ විය.

Gampaha Monsoon Meeting 26-04-2024 3Gampaha Monsoon Meeting 26-04-2024 5Gampaha Monsoon Meeting 26-04-2024 6

Gampaha Monsoon Meeting 26-04-2024 10Gampaha Monsoon Meeting 26-04-2024 4Gampaha Monsoon Meeting 26-04-2024 8

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052