Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 15ඛනිජ තෙල් සංස්ථාව විසින් ඛනිජ තෙල් බෙදාහරිනු ලබන බවුසර් රථයක් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ධාවනය වී අනතුරට පත් විය. අනතුරට ලක් වු බවුසර් රථය තුළ තිබු ඉන්ධන රාවනාගම වැවට වාරි ජලය රැගෙන යන ඇල මාර්ගයට මුසුවීම හේතුවෙන් ඉන්ධන වැව් ජලයට මිශ්‍ර වී ඇති බව වාර්තා විය. මෙම තත්ත්වය නිසා ඇතිවිය හැකි පරිසර හානිය අවම කරගනිමින් වැව් ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන ඉවත් කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජෙනරාල් විසින් ලබා දුන් උදෙස් අනුව අදාල පාර්ශව කාර ආයතන සම්බන්ධීකරණයෙන් යුතුව රාවනාගම වැව් ජලයට මිශ්‍ර වී තිබු ඉන්ධන ඉවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කරන ලදී.

මෙම අනතුර හේතුවෙන් ආසන්න වශයෙන් ඉන්ධන ලීටර් 7,000 ක් පමණ ජලයට මිශ්‍ර වී ඇති බව වාර්තා වු අතර ක්ෂණිකව ජලය ගෙන යන ඇල මාර්ගය වසා දැමීටත් වැව් ජලය නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමටත් කටයුතු කරන ලදී. මේ දිනවල වී වගාව සදහා ජලය නිකුක් කිරීම ආරම්භ වී ඇති බැවින් මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් වැඩබලන අධ්‍යක්ෂ සහ ප්‍රාදේශීය ලේකම්තුමිය අතර මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ගොවීන්ට ජලය නිකුත් කිරීමට බාධාවක් නොවීමටත් වගා බිමි සදහා ඉන්ධන මිශ්‍ර ජලය නිකුත් කිරීම තුළින් සිදුවිය හැකි පාරිසරික හානිය අවම කරගනිමින් වැව් ජලයට මිශ්‍රවී ඇති ඉන්ධන ඉවත් කිරීමට තීරණය කරන ලදී. ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ තාක්ෂණික සහයෝගය සහිතව නාවික හමුදාව එක්ව වැව් ජලයට මිශ්‍ර වී ඇති ඉන්ධන ඉවත් කිරීම සිදු කරන ලදී.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් වැව් ජලයට මිශ්‍ර වු ඉන්ධන ඉවත් කිරීමෙන් අනතුරුව මහවැලි අධිකාරිය විසින් වී වගාව සඳහා ගොවීන්ට ජලය නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

 

Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 3Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 6Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 10

Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 14Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 12Oil Spill Mathale Lagagala  2024-05-08 at 11.36 13

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079