Buttala Army officers vist 2024-03-15 9බුත්තල යුධ හමුදා යුධ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 10 වන පාඨමාලාව හදාරණු ලබන යුධ හමුදා නිළධාරීන් පිරිසක් සිය පුහුණු පාඨමාලාවට ඇතුලත් විෂය ක්ෂේත්‍රයක් වන ආපදා අවදානම් කළමනාකරණ පිළිබද සිද්ධාන්තික දැනුමක් සහ ආපදාවකට ලක්විය හැකි ජනතාවට පුර්ව අවදානම පිළිබද දැනුවත් කිරීමේ ක්‍රමවේදය සහ හදිසි මෙහෙයුම් මැදිරිය තුළ අදාළ සම්බන්ධීකරණය සිදු කරන ආකාර පිළිබද ප්‍රායෝගික දැනුමක් ලබගැනීමේ අරමුණින් අද දින (03/15) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නිරීක්ෂණ චාරිකාව තුළ ආපදා අවදානම් කළමනාකරණ ක්‍රමවේදය පිළිබදව සහ ආපදා කළමනාකරණ හදිසි මෙහෙයුම් ක්‍රමවේදය පිළිබද සිද්ධාන්තික දේශන පළමු සැසියට ඇතුලත් වු අතර ඉන් අනතුරුව හදිසි මෙහෙයුම් මැදිරිය සහ හදිසි ඇමතුම් මැදිරිය නිරීක්ෂණය කිරීම සිදු කෙරිනි.

වර්තමානය පවතින ආපදා අවදානම් තත්වයන් සළකා බැලීමේ දී හදිසි මෙහෙයුම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම අභිබවමින් ආපදා අවදානම් කළමනාකරණය සහ ආපදා පෙරසුදානම, ප්‍රජා දැනුවත් කිරීම සහ ප්‍රතිෂ්ඨාපන සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව සිදු කිරීම සදහා නිශ්චිත ක්‍රියාකාරී සැලසුම් අප සතුවිය යුතු බවත් එම සැලසුම් අනුව ක්‍රියා කිරීමේ මනා පුහුණුවක් ලබා තිබිය යුතු මහතා බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා පෙන්වා දෙන ලදී.

එසේම ත්‍රිවිධ හමුදාව හදිසි ආපදාවන්වලදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව තම රාජකාරී නිසි ලෙස ඉටුකර ඇති බවත් එය ඉදිරියට මෙම සහයෝගය සහ වගකීම නිසි ආකාරයෙන්ම පවත්වා ගැනීමේ අවශ්‍යතාවය හා වැදගත් කම අවධාරණය කරන ලදී. එබැවින් ආපදා අවදානම් කළමනකරණ ක්‍රියාවලිය සහ ඊට අදාල නෛතික මෙන්ම අන්තර් ජාතික තත්ත්වයන් පිළිබදව දැනුවත්වීමේ අවශ්‍යතාන තවදුරටත් පෙන්වා දෙන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය පෙරේරා, අධ්‍යක්ෂ දැනුවත් කිරීම් ප්‍රදීප් කොඩිප්පිලි, අධ්‍යක්ෂ හදිසි මෙහෙයුම් බ්‍රිගේඩියර් ටී.සී හරස්ගම ඇතුලු නිළධාරී පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

Buttala Army officers vist 2024-03-15 3Buttala Army officers vist 2024-03-15 35Buttala Army officers vist 2024-03-15 17

Buttala Army officers vist 2024-03-15 23Buttala Army officers vist 2024-03-15 11Buttala Army officers vist 2024-03-15 24

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079