2024-03-12 Drought Meeting  2

ශ්‍රී ලංකාවේ මේ දිනවල පවතින දැඩි උණුසුම් සහ වියළි කාලගුණික තත්වය පිළිබඳ සලකා බැලීම සඳහා විශේෂ රැස්වීමක් 12 වන දින (3/12) අධ්‍යක්ෂ ජනෙරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය. මේ සඳහා ප්‍රධාන පාර්ශවකාර ආයතන වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් නියෝජිත මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

දැනට පවතින වියලි කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් අදහස් දක්වමින් පෘතුවියේ උණුසුම් වසර ලෙස 2023 වර්ෂය වාර්තා තබා ඇති බවත් El Nino සහ La Nino ක්‍රියාකාරීත්වය මත ඇතිවන මෙම බලපෑම ඇති වී ඇති බව පෙන්වා දෙන ලදී. එසේම එළැඹෙන ජුනි සිට අගෝස්තු දක්වා කාලය තුළ La Nino තත්වයේ වර්ධනයක් ඇතිවන බව පෙන්නුම් කරන බවත් පැවසීය. මේ හේතුවෙන් වර්ෂාපතනයේ වෙනස්වීම් දක්නට ලැබෙන බවත් මාර්තු මස මැද භාගයේ සුළු වර්ෂාපතනයක් හැරුණු විට මැයි මස දක්වා දිවයින තුළ වර්ෂාපතනය අඩුවීමක් අපේක්ෂා කල හැකි බවත් පැවසීය.

මේ හේතුවෙන් වියළි සහ උණුසුම් තත්වයක් දිවයින තුළ බලාපොරොත්තු වන බවත් එම නිසා මහජනතාව නිරන්තරයෙන් මේ පිළිබඳව තාක්ෂණික ආයතන විසින් ලබා දෙනු ලබන උපදෙස් පිළිබඳ සැලකිලිමත් විය යුතු බවත් පැවසීය.

පසුගිය වසරේ පෙබරවාරි මාසය පිළිබඳ සන්සන්දනය කිරීමේ දී වාර්ෂාපතනයෙහි පැහැදිලි අඩුවීමක් 2024 පෙබරවාරි මාසයේ දී දක්නට ලැබූ බවත් මෙම වසරේ බලපැවැත්වීමට නියමිත මෝසම් කාලගුණ තත්වය ප්‍රමාදවීමේ සලකුණු ඇති බවත් අප්‍රේල් මස අග දක්වා වියළි කාලගුණික තත්වය පැවතිය හැකි බවත් ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය පෙන්වා දෙන ලදි. මේ තත්වය මත පාර්ශවකාර ආයතන විසින් හැකි ඉක්මණින් නියං ආපදා ප්‍රතිචාර ක්‍රමවේදයන් සහ සහන කටයුතු සිදුකිරීම සඳහා යොමුවීම වැදගත් බව ද තවදුරටත් පැවසීය.

සාමාන්‍යයෙන් දිවයිනේ මෙම කාලය තුළ වියළි ස්වාභාවයක් පවතින බවත් ඒ හේතුවෙන් සිරුරට අධික රස්නයක් දැනෙන බවත් මේ සඳහා ගතයුතු පියවරයන් මේ වනවිටත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට සහ අනෙකුත් රාජ්‍ය ආයතන වෙත දන්වා ඇති නමුත් මේ පිළිබඳ නිසි අවධානයක් තවමත් යොමුකර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවසන ලදි. ඉදිරි කාලගුණික තත්වය මත සහ අවශ්‍යතාවය මත ඉදිරියේදී කල යුතු උපදෙස්, චක්‍රලේඛ මඟින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් කටකතා කළමනාකරණය කිරීමේ වැදගත්වන බවත් වැඩිදුරටත් පවසන ලදි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් එහි වර්තමාන තත්වය පැහැදිලි කරමින් දැනට විශාල ජලාශ සම්පූර්ණයෙන් පිරී පවතින බවත් ඒවායේ මුළු ධාරිතාවය 90%ක් පමණ පවතින බවත් තවමත් සමහර ජලාශයන් වාන් දමමින් බවතින පවත් පවසන ලද අතර මධ්‍ය පරිමාණ වැව්වල සාමාන්‍ය ධාරිතාවය ද 80%ක් පමණ වන බව පැවසීය. කෙසේ නමුත් සුළු පරිමාණ වැව්වල පවතින ජලය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් මේ නිසා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් පැවසීය. මෙම තත්වය මත යල කන්නය සඳහා කිසිඳු බලපෑමක් ඇතිවිය නොහැකි බවත් ප්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබුණහොත් මහ කන්නය සඳහා බලපෑමක් ඇතිවිය හැකි බවත් පවසන ලද අතර ගංඟාවල ජලය අඩුවෙමින් පැවතීම නිසා පානීය ජල අවශ්‍යතාවය සහ නිවාස සඳහා ජල සම්පාදනය කරන ආයතන මේ පිළිබඳව අවධානය යොමු කර මැයි මස දක්වා කළමනාකරණයෙන් යුතුව ජලය බෙදා හැරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ගැනීම වැදගත් වන බව පැවසීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ මධ්‍යම පරිසර අධිකාරිය වායුගෝලයේ පවතින වාතයේ ගුණාත්මය පිළිබඳව සැලකිල්ලෙන් පසුවන බවත් වායුවේ ගුණාත්මය වෙනස්කම් අවම කිරීම සඳහා සියළු පාර්ශවකාර ආයතනවල එකතුවීම වැදගත් වන බවද ප්‍රකාශ කරන ලදි.
ජාතික සහන සේවා මධ්‍යස්ථානයේ ජල බවුසර් රථ ප්‍රමාණවත් තරම් පවතින බවත් වියළි කාලගුණ තත්වය හමුවේ එම රථ ලබාදීමට හැකියාව පවතින බවත් පෙන්වා දෙන ලදි.

එබැවින් ඉදිරියේ දී පැවතිය හැකි කාලගුණික තත්වය පිළිබඳව මෙම සියළුම පාර්ශවකාර ආයතන කැඳවා නැවතත් සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් එම තත්වය මත සුදුසු මාර්ගෝපදේශයක් සකස් කර සියළු දෙනාගේ අවධානය සඳහා යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශ කරන ලදි.

2024-03-12 Drought Meeting  32024-03-12 Drought Meeting  12024-03-12 Drought Meeting  7

2024-03-12 Drought Meeting  62024-03-12 Drought Meeting  4DSC 6286 800x534

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079