highwind Colombo 01ඊයේ අළුයම (2018.07.11) ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හෝමාගම, කැස්බෑව, පාදුක්ක, මොරටුව, රත්මලාන හා දෙහිවල ඇතුළු ප්‍රදේශ රැසක නිවාස 262 කට හා ව්‍යාපාරික ස්ථාන 5 කට අර්ධ වශෙයන් හානි සිදු වී ඇති අතර, එමගින් පවුල් 263 කට අයත් පුද්ගලයින් 849 ක් පමණ පීඩාවට ලක්ව ඇත. 
ආපදාවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සඳහා ඉක්මන් සහන සැලසීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගැනීම, වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගේ උපදෙස් මත වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාරකණ අමාත්‍යාංශයේ මගපෙන්වීමෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්දි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය මගින් සිදු කරනු ලැබේ.
වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමා විසින් ආපදා සිදුවු ස්ථාන නිරීක්ෂණය කරන ලද අතර දැඩි සුළං හේතුවෙන් ආපදාවට පත්වු ජනතාවට යථාතත්වයට පත්වීම සදහා රජය විසින් ලබාදෙන සහනාධාර මුදල් ඊයේ දීනයේදීම ජනතාවට ලබාදීමටත් නිවාස ආවරණය කිරීම සදහා අවශ්‍ය ආවරණ ලබාදීමටත් ඊයේ(11) දින කටයුතු කරන ලදී. 


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එස්. අමලනාදන්, හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ බිග්‍රේඩියර් අතුල ආරියරත්න, සහ හානියටපත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රාදේශීය ලේකම්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052