2024 -01-01 3ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ 2024 වර්ෂයේ වැඩ ආරම්භ කිරීම ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ ජී ධර්මතිලක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, ආපදා සහනසේවා මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ. යු ජයසේකර මහතා ඇතුලු ආයතන ප්‍රධානින්ගේ ප්‍රධානත්වයෙන් සහ නිළධාරීන්ගේ සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ අංශය පරිශ්‍රයේ දී අද දින (01) සිදු කෙරිණි.

ජාතික ගීය ගායනයෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සහ විවිධ ආපදාවලට ගොදුරුවීම නිසා ජීවිත අහිමි වු ජනතාව සහ සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පල ක කිරීමෙන් අනතරුව සියළු නිළධාරීන් එක්ව 2024 වර්ෂය වෙනුවෙන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබ‍ා දෙන ලදී.

2023 වර්ෂයේ සාර්ව ආර්ථික ඉලක්ක ලගා කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයින් වන අප විශාල කැපකිරීමකින් රාජකාරි ඉටුකළ බවත් 2024 වර්ෂයේ දී ද රජ්‍ය නිළධාරීන් වශයෙන් රට වෙනුවෙන් අප යුතුකම් ඉටු කළ යුතු බව ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම් කේ. ජී ධර්මතිලක පෙන්වා දෙන ලදී. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සදහා කාර්යක්ෂම හා ඵලදායි රජ්‍ය සේවයක් පවත්වාගෙන යාම සදහා රාජ්‍ය නිළධාරීන් වශයෙන් අප බැඳී සිටින බවත් අප මහජන මුදලින් වැටුප් ලබන පිරියක් බැවින් මහ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම අපගේ පරම යුතුකමක්සේ සළකා කටයුතු කළ යුතු බවත් අතිරේක ලේකම්තුමා පෙන්වා දෙන ලදී. අවදානම් කළමනාකරණ ක්ෂේත්‍රයේ රාජකාරි ඉටු කරන අප හට මහජනතාවගේ සුරක්ෂිත බව ඇති කිරීම සදහා වු සුවිශේෂ වගකීමක් පැවරී ඇති බවත් එය ඉටු කිරීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු බවත් මෙහි දී අවධාරණය කරන ලදී.

2023 වර්ෂයේ අප රාජ්‍ය ඉලක්ක ජය ගැනීම සදහා කටයුතු කළ බවත් ඒ සදහා වු කැපවීම අගය කරන බවත් නව වසරේ අභියෝග ජය ගැනීමටත් ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහාත් නිළධාරීන් වශයෙන් කැපවීම, වගවිම මෙන්ම ස්වයං විනය මුලික කරගනිමින් තම රාජකාරි ඉටු කිරීමට අප කැපවිය යුතු බවත් තනි තනිව වැඩ කිරීමෙන් ජාතික ඉලක්ක ජයගැනීමට අපහසු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා නව වසරේ රාජකාරි අරඹමින් පැවසීය. එබැවින් අද දින ලබාදුන් ප්‍රතිඥාව ලගා කර ගැනීමට කටයුතු කරමු යැයි අධ්‍යක්ෂ ජෙනරාල්තුමා තවදුරටත් ඉල්ලා සිටින ලදී.

ආපදා කළමනාකරන අංශයෙහි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

2024 -01-01 52024 -01-01 62024 -01-01 72024 -01-01 12024 -01-01 22024 -01-01 4

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079