Malwathuoya2018.07.07-2

 

“ආපදාවට පෙර සුදානම” ආපදාවලින් තොර සුරක්ෂිත දේශයක් ගොඩනැගීමේ අරමුණින් ආපදා පිළිබදව පෙර සුදානම් කිරීමේ වැඩසටහන යටතේ මල්වතු ඔය ආශ්‍රිත ගංවතුර අවමකිරීම ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.07.07 දින මල්වතු ඔය ජර්මන් පාලම අසළ දී ආරම්භ කෙරිණි. 

ආපදාවලින් ජීවිත සහ දේපළ සුරක්ෂිත කරගැනීම සදහා ආපදා අවම කිරීම, පුර්ව දැනුවත්වීම, පෙර සුදානම් “ආපදාවට පෙර සුදානම” ව්‍යාපෘතියේ අරමුණයි. අනුරාධපුර මල්වතු ඔය පිටාර ගැලීම නිසා සිදුවන ගංවතුර අවදානම අවම කිරීමේ අරමුණින් සංවිධානය කර තිබු වැඩසටහන වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංවිධානයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, අනෙකුත් පාර්ශවකාර ආයතන සහ ප්‍රජා සහභාගීත්වයෙන් මල්වතු ආශ්‍රිතව පැතිර ඇති ආක්‍රමණික ශාඛ ඉවත් කිරීම, කැළි කසළ, රොන් මඩ සහ ඉදිරී වැටී ඇති විශාල ප්‍රමාණයේ ගස් ඉවත් කිරීම සහ පැති බැමි ශත්තිමත් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ.

එසේම ගංවතුර අවදානම පවතින ප්‍රදේශවල ගංගා දෙපස ඉවුරු ශක්තිමත් කිරීම, ජල මාර්ග හා ඇළවේළි ශුද්ධ පවිත්‍ර කිරීම, රොන්මඩ ඉවත් කිරීම සහ පැති බැමි ඉදිකිරීම ආදි ගංවතුර අවදානම අවම කිරීමේ වැඩසටහන්, ආපදාවට ලක් වන ප්‍රජාව දැනුවත් කිරීම සහ පෙරසුදානම් සැළසුම් සකස්කිරීම අවදානමට පෙර සුදානම වැඩසටහන යටතේ වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාශයේ මගපෙන්වීම යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරේ.

වාරිමාර්ග ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක, ළමා සහ කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, උතුරු මැද ආණ්ඩුකාර එම්.පී. ජයසිංහ, දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩ බලන අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. පී සමරක්කොඩි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079