ජලය බැස යාම සම්බන්ධයෙන් පවතින බාධාවන් හේතුවෙන්, වර්ෂා කාලයන්හිදී මල්වතු ඔය පිටාර ගැලීමෙන්, අනුරාධපුර නගරයේ පවුල් විශාල සංඛ්‍යාවක් අවතැන් වන බව වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍ය ගරු දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මල්වතු ඔයෙහි සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වූ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මල්වතු ඔයේ ජලය බැස යා හැකි පරිදී පවතින බාධාවන් ඉවත් කොට ඇළ ශුද්ධ පවිත්‍ර කිරීමටත්, ජලය බැස යාමේදී පවතින ගැටලු ලෙස පවතින පාලම්, බෝක්කු පුළුල් කිරීම මගින් ජලය පහසුවෙන් ගලා යා හැකි ලෙස මල්වතු ඔය ප්‍රතිසංස්කරණය කිරීම සිදු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගැනීමටත් අදාල නිලධාරීන් සමඟ හැකි ඉක්මනින් සාකච්ඡා සිදු කරන තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
ආක්‍රමණික ශාඛ විශාල වශයෙන් පැතිර ගොස් තිබීමත්, කැලි කසල හා රොන් මඩ පිරී තිබීමත් ඉදිරී වැටී ඇති විශාල ප්‍රමාණයේ ගස් ඔය දෙපස රැඳී තිබීමත් මල්වතු ඔය අවහිරවීමට බලපාන්නාවූ හේතු ලෙස එතුමක් පෙන්වා අමාත්‍යතුමා මල්වතු ඔය ඔය වසර ගණනාවක් මුඵල්ලේ ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා අනුරාධපුර නගර මෙන්ම පහත් බිම් වාර්ෂිකව ගංවතුර තර්ජනයට ලක්වන බව පෙන්වා දෙන ලදී.
ඉදිරි වර්ෂා කාලයේදී මල්වතු ඔය පිටාර ගැලීමෙන් ඇති වන ගංවතුර තර්ජන මගින් අනුරාධපුර නගරයෙහි බන්ධනාගාරය, රජයේ කාර්යාලයයන් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික දේපල විශාල ගණනකට හානි සිදු වීම අවම කරලීම උදෙසා, “ආපදාවට පෙර සූදානම” වැඩසටහන යටතේ මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව වාරිමාර්ග හා ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යතුමන් තවදුරටත් පෙන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යංශ ලේකම් සිසිර කුමාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් ආර් පී සමරක්කොඩි මහතා ඇතුළු වාරී මාර්ග හා ජල සම්පත් සහ අපදා කළමණාකර අමාත්‍යාශයේ නිළධාරීන් පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියහ.