RIMES 2023 6

 ගංවතුර සහ නායයාම් ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ යාන්ත්‍රණය යාවත්කාලීන කිරීම සදහා වන නියමු ව්‍යාපෘතියක් කලාපීය බහු ආපදා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතිය (RIMES) සමග එක්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආරම්භ කරන ලදී. ඒ අනුව මෙම නියමු ව්‍යාපෘතිය ගංවතුර සහ නායයාම් ආපදා බහුල දිස්ත්‍රික්ක වන කලුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලින් තෝරාගත් ග්‍රාම නිළධාරී වසම් 29 ක ක්‍රියාත්මක කෙරේ.

මෙම ව්‍යාපෘතිය යටතේ ආපදා අවදානම හඳුනාගැනීම, ආපදාවකට මුහුණදීමට සඳහා වන පෙර සූදානම්වීම, ආපදා පුර්ව දැනුම්දීමේ ක්‍රමවේද සහ ආපදා අවදානම් ප්‍රදේශවල ජීවත්වන සෑම පුද්ගලයෙකුටම ආපදා පූර්ව දැනුවත් කිරීම් තොරතුරු සන්නිවේදනය කිරීම, ස්ථාපිත කර ඇති පූර්ව දැනුවත් කිරීමේ සන්නිවේදන ක්‍රමවේද සහ ජීවත්වන ප්‍රදේශයේ උවදුරු සිතියම් නිර්මාණය කිරීම තුළින් තමන් ජීවත් වන ප්‍රදේශය තුළ පවතින අවදානම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරනු ලබන අතර ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ග්‍රාමීය මට්ටම දක්වා සංනිවේදනය කිරීමේ දී අනුගමන කරනු ලබන ක්‍රමවේද හා එම ක්‍රමවේදවල පවතින ගැටළු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ.

බහු ආපදා පුර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියෙහි (RIMES) මුල්‍ය දායකත්වය යටතේ අඩු වියදම් බහු ආපදා පූර්ව අනතුරු ඇගවීමේ උපකරණ මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන ග්‍රාම නිළධාරී වසම් සදහා ලබා දීමට කටයුතු කෙරේ. ඒ අනුව ගම්මාන වෙත බෙදාදීම සදහා එම උපාංග නිළ වශයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත ලබාදීම අද දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී සිදු කරන ලදී

RIMES 2023 3   RIMES 2023 5  RIMES 2023 2 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079