Deduru Oya Dam Openingපවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් ජලාශ වාන්දොරටු විවෘතකරනු ලබන බැවින් ජනතාව ඒ පිළිබධව සැළකිලිමත්ව කටයුතු කළ යුතු වේ.

විශේෂයෙන්ම පවතින වැසිසහිත කාලගුණික තත්වය හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ වාන්දොරටු 05 ක් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 11,050 බැගින් ජලය නිකුත් කෙරේ.එබැවින් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් විය යුතු වන අතර දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු 06 ක් අඩි 03 බැගින් විවෘත කර ඇති අතර තප්පරයට ගණ අඩි 8400 බැගින් ජලය නිකුත් කෙරේ. දැදුරු ඔය දියනෑම ඇතුලු දෛනික කටටුතු සිදුකරන දැදුරු ඔය නිම්නයේ ජනතාව මේ පිළිබඳ සැලකිලිමක් වන ලෙස කාරුණිකව දැනුම් දෙනු ලැබේ. යාන්ඔය ජලාශයේ වාන් දොරටු 02 ක් සහ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් සුලු වශයෙන් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඍට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්යේ වාරි ජලාශ 10 ක් පමණ පිරී ඇති බවත් වාර්මාර්ග දෙපාර්තමේන්තුව සදහාන් කරයි.

 

එසේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිල්වලා ගංගාව සදහා නිකුත් කරනු ලැබූ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ග කර ඇති බැවින් නිල්වලා ගංගාව දෙපස පහත්බිම් ආශ්‍රිත ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිසත් විය යුතුවේ.

තවදුරටත් පවතින වැසිසහිත කාලගුණික තත්වයවර්ධනය වුවහොත් ගංගා ආශ්‍රිතව ඉදිකර ඇති ජලාශවල වාන්දොරටු විවෘත කළ හැකි බැවින් ගංගා දෙපස ජීවත්වන ජනතාව ඒ පිළිබද අවධානය යොමු කරළ යුතු අතර විනෝද චාරිකාවල නිරතව ගංගා සහ ජලාවල දිය නෑම සිදු කරනු ලබන්නන් මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දේ.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079