වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් හා ලෝක සෞඛ්‍යය සංවිධානයේ තාක්ෂණික දායකත්වයෙන් 2017 වසරේ පැවති සෙවීම් හා මුදවා ගැනීම් පිළිබඳ මූලික පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරනු ලැබූ ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 194 දෙනෙකු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රධානය කීරීමේ අවස්ථාවේ දී මේ අදහස් පළ කරන ලදී. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා සහතික පත්‍ර ප්‍රධානෝත්සවය අමතමින් ප්‍රකාශ කර සිටියේ මෙවර ඇති වූ ආපදා අවස්ථාවේදී ජීවිත හා දේපල හානි අවම කර ගනිමින් ජන ජීවිතය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබූනේද පෙර සූදානම් ක්‍රියාවලියේ පැවති සාර්ථකත්වය නිසාවෙන් බවත්, ඉදිරියේදී ග්‍රාමීය ප්‍රදේශ 30,000 ක තෝරා ගත් තරුණ පිරිස් 150,000 කට, ආපදා අවස්ථාවකදී මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා දෙමින් ඔවුන් ස්වේච්ඡා බලකායක් ලෙස ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන බවත් ඒ සඳහා ලෝක සෞඛ්‍යය සංවිධානය, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය යන සංවිධානයන්හි තාක්ෂණික දායකත්වය අපේක්ෂා කරන බවත් ගරු අමාත්‍යතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නුදුරේදීම, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය හා සමස්ථ රෝහල් පද්ධතියම එක් කරමින් හදිසි ආපදා අවස්ථාවකදී සාර්ථක පණිවුඩ හුවමාරු ක්‍රමවේදයක් හරහා ක්ෂණික තීරණ ගැනීමට හැකි එකම මධ්‍යස්ථානය ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පත් කරන බව මෙහිදී ප්‍රකාශ කර සිටියේය. පැවති සියළු ආපදා අවස්ථාවන්හිදී තම රාජකාරී කටයුතු වෙනුවෙන් ඇප කැප වී සේවය කළ ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් කෘතවේදීත්වය පල කල ගරු අමාත්‍යතුමන්, පැවති සෙවීම් හා මුදවා ගැනීම් පිළිබඳ මූලික පාඨමාලාවෙහි දැනුමද උපයෝගී කර ගනිමින් ඉදිරියේදී ඇති වන සියළු ආපදා අවස්ථාවන්හිදී ජීවිත හා දේපල හානි අවම කරලමින් ජන ජීවිතය සුරක්ෂිත කිරීමට අදිටන් කර ගන්නැයිද අවසාන වශයෙන් ඉල්ලා සිටියේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති පස් අවුරුදු වැඩසටහනට අනුව ආපදාවන් සඳහා ක්‍රියාත්මකවීම ප්‍රධාන කොටසක් වන බැවින්, ඉදිරි පස් වසර ඇතුළත ලෝකයේ ස්වාභාවික හා අනෙකුත් ආපදාවන්ට ලක් වන බිලියන එකක් පමණ වන ජනතාවට සහන සැලසීමට අවශ්‍යය සියළු කටයුතු සම්පාදනය කිරීමට වෙනම ඒකකයක් පිහිටුවා ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාතික තාක්ෂණ නිලධාරී වෛද්‍ය නිල්මිණි හේමචන්ද්‍ර මහත්මිය ප්‍රකාශ කරන ලදී.
වසර කිහිපයකට පෙරාතුව ලෝකයේ රටවල් රැසකට බලපෑ ඉබෝලා වසංගතය සමඟ සමස්ත ලෝක ජනතාවගෙන් එල්ල වූ අපවාදයන් ආශ්‍රෙයන් ඉගෙන ගත් පාඩම් සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගංවතුර හා ඩෙංගු වසංගත කාලයන්හි දී ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය ආධාර ලබා දීම නිරන්තරයෙන් සිදු වන බව වෛද්‍යතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය දර්ශක වලට අනුව ආපදා අවස්ථාවන්හිදී නොදැනුවත්කම මත සිදු වන ජීවිත හා දේපල හානි අතින් අනෙක් රටවලට සාපේක්ෂව අප රට ඉහල මට්ටමක පවතින බැවින් අදාල අවස්ථාවන්හිදි සාමාන්‍ය ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබඳ පුහුණු වැඩසටහන් පැවැත්වීමේ අවශ්‍යතාවය ඇය විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052