SR course 2017හදිසි ආපදා තත්ත්වයකදී විපතට පත් ජනතාව සෙවීම් සහ මුදවාගැනීම පිළිබඳ පාඨමාලාව හදාරන ලද ත්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 194 දෙනෙකු සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් 21 දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රධානය වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය දා (26) සිදු කෙරිණි.

 

 

වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංවිධානයෙන් ආපදා කළමනාකරණය ක්‍රියාවලිය යෙවීම් සහ මුදවා ගැනීම් ක්‍රියාවලිය පිළිබදව ත්‍රිවිද හමුදාව පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදාකළමනාකරණ ක්‍රියාවලිය හා සම්බන්ධ රාජ්‍ය ආයතන නිළධාරීන් පුහුණු කිරීම් සිදු කරන අතර මේ යටතේ 2017 වර්ෂයේ මාදුරු ඔය යුධ හමුදා පුහුණු පාසල, කුඩා ඔය යුධ හමුදා කදවුර සහ කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු පාසැල්වල සාර්ථක අන්දමින් පුහුණුව නිම කරන ලද නිළධාරීන් 215 දෙනෙකු සදහා සහතික පත්‍ර පිරීනැමීම සිදුකරන ලදී.

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කපිල ගුණසේකර වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්දු, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අමලනාදන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න, නාවුක හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් සරත්චන්ද්‍ර රණසිංහ යන මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052