IOwave 2023-Drill 1සුනාමි ආපදාවට මුහුණදීම සදහා කලාපීය රටවලධාරිතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය (Indian Ocean Tsunami Warning and Mitigation System-IOTWMS) හා යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඉන්දීය සාගර කලාපීය සුනාමි ආපදා පෙරහුරු වැඩසටහන ඉන්දියානු සාගර කලාපීය රටවල් 28 ක් සහභාගීවයෙන් ඔක්තෝබර් 04 දින පැවැත්වු අරත කලාපීය සුනාමි පෙරහුරු වැඩසටහනට සමගාමීව“ සුනාමි ආපදා පෙරහුරු ජාතික වැඩසටහන” ඔක්තොබර් 04 දින උදෑසන 9.30 සිට 11.30 දක්වා කාලය තුළ ත්‍රිකුණාමලය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මුලික කරගනිමින් පැවැත්විනි.

ඉන්දියන් සාගරයේ නිකොබාර් දූපත් ආසන්නයේ භූමිකම්පාවක් සිදු වී ඇති බව ඉන්දියානු සාගර කලාපීය සුනාම් අනතුරු ඇඟවීමේ සහ අවමකිරීමේ පද්ධතිය මගින් කලාපීය රටවලට දැනුම්දීමට කටයුතු කළ අතර පසුව මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බව නිවේදනය කරන ලදී.

ඒ අනුව සුනාමි ආපදාවක් පිළිබඳව තොරුතුරු වෙරළබඩ දිස්ත්‍රික්කවල ජනතාව දැනුවත් කිරීම සහ එම ජනතාව ක්ෂණිකව ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීම වෙනුවෙන් අනුගමනය කළ යුතු ක්‍රමවේද අනුගමනය කරමින් ජනතාවගේ සුරක්ෂිතභාවය සහතික කිරීමේ ක්‍රියාවලිය පෙරහුරු වැඩසටහන තුළින් පරීක්ෂා කරන ලදී. ඊට අමතරව සුනාමි ආපදා පෙරසූදානම, පුර්ව දැනුවත් කිරීම සහ සංනිවේදන යාන්ත්‍රණය, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සහ සහන පියවර සම්බන්ධයෙන් පවතින සැලසුම් පිළිබඳව සහ වත්මන් සුනාමි අනතුරු ඇඟවීමේ සහ ප්‍රතිචාර ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබදව අවධානය යොමු කරන ලදී.

එසේම අන්තර් ජාතික වශයෙන් සහ ජාතික වශයෙන් පුර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදවල පවතින කාර්යක්ෂමතාව පරික්ෂාකිරීම. සුනාමි ආපදා තත්ත්වයක දී හදිසි ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පාර්ශවකාර ආයතනවල පවතින ධාරිතාව පරීක්ෂාකිරීම.ආපදා අනතුරු ඇගවීමක දී ප්‍රතිචාර දැක්වීම සහ ආරක්ෂිත ස්ථාන කරා යෑමට ගතවන කාලය පිළිබඳ ඇඟයීමට ලක්කිරීම, පුර්ව අනතුරු ඇඟවීම නිවේදනය කිරීමේ දී වඩාත් කාර්ක්ෂම සහ යෝග්‍ය සංනිවේදන ක්‍රමෝපායන් හදුනාගැනීම, පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදවල පවතින දුර්වලතා පරීක්ෂා කිරීම, ඉදිරියේ දී වඩාත් යෝග්‍ය ක්‍රමෝපායන් හදුනාගැනීම සහ පවතින අඩුපාඩු අතපසුවීම් සහ දුර්වතා මගහරවා ගැනීම සදහා පුහුණුව, සුනාමි ආපදාවක දී මහජනතාවගේ ජීවිත සුරක්ෂිත කරගැනීම සදහා රටක් වශයෙන් ඇති සුදානම පරීක්ෂා කිරීම, ආපදාවකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව දැනුවත්භාවය, පෙර සුදානම සහ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව ජනතාවගේ අවධානය යොමු කරවීම මෙම පෙරහුරු වැඩසටහන මගින් අපේක්ෂා කෙරිණි.

මෙවර ජාතික වැඩසටහන සදහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ තෝරාගත් පාසැල්, පුද්ගලික අංශ ආයතන ඇතුලු පාර්ශවකාර ආයතන සම්බන්ධ වු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ආයතන ඇතුලු රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙම වැඩසටහන සදහා මුල්‍ය අනුග්‍රහය දක්වනු ලැබීය.

IOwave 2023-Drill 9IOwave 2023-Drill 11IOwave 2023-Drill 12

IOwave 2023-Drill 2IOwave 2023-Drill 3IOwave 2023-Drill 4

123

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079