පදා කළමණාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීම 2018 ජුනි මස 07 දින වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමණාකරණ අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අධ්‍යක්ෂ ජෙනරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගියදා ඇති වූ නිරිත දිග මෝසම් තත්ත්වය යටතේ සිදු වූ ආපදා තත්වය පිළිබදවත් සිදුවු හානිය පුර්ණය කිරීම පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආපදා අවදානම අවම කිරීම සහ ආපදා නිසා සිදුවන හානිය අවම කිරීම සදහා 2018 වර්ෂය තුළ ක්‍රියාත්මක කළ ප්‍රජාව දැනුවත් කිරීම්, පෙර සූදානම් කිරීම හා ආපදා හානි අවම කිරිමේ වැඩසටහන් වල ප්‍රගතිය සහ ඉදිරි වැඩසටහන් කඩිනම් කිරීම සදහා පියවර ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ සහ උපදෙස් ලබාදුන් අතර ප්‍රාදේශීය වශයෙන් පවතින අවශ්‍යතා සොයා බැලීම සිදු කරන ලදී.
අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්, අධ්‍යක්ෂවරුන්, සහ ඇතුලු නිළධාරීන් මෙන්ම සියඵම දිස්ත්‍රික් නියෝජනය කරමින් දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරුන් මේ සඳහා සහභාගී විය.

 

 

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052