පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික් 20 ක පවුල් 45,680 ක 174,310 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සළකාබලන විට පස්කදු කඩාවැටීම නිසා (03), දියේගිලීම්(12), තද සුළං හේතුමවන් සිදුවු ආපදා නිසා (02), අකුණු අනතුරු (05), සහ වෙනත් (01) වශයෙන් මියගිය සංඛ්‍යාව 23 ක් වේ. අතුරු දහන් වූ සංඛ්‍යාව 02 කි
ආපදා හේතුවෙන් නිවාස 121 ක් පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 5,205 ක් අර්ධ වශයෙන් හානි වී ඇත. 2018.05.28 1200 පැයට වාර්තා වන අන්දමට පවුල් 17,796ක 70,376 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 265 ක තාවකාලිකව රඳවා ඇත. දිස්ත්‍රික්ක 12 ක ආපදාවෙන් පීඩාවට පත්වු ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ජතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය විසින් රැපියල් මිලියන 44.15 ක් අදාල දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබාදී ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් 2018.05.26 දින 0900 පැයට නිකුත් කරන ලද දත්තවලට අනුව දැදුරු ඔහ, කුකුලේ ගල සහ රාජාංගනය යන ජලාශ දොරටු තවමත් විවෘත කර ඇත. එසේම නිල්වලා, ගිං යන ගංගාවල ජල මට්ටම සාමන්‍ය මට්ටමට පත්වෙමින් පවතී. කලු, කැළණි සහ අත්තනගලු ඔය සහ මා ඔයේ ගංවතුර මට්ටම ක්‍රමයෙන් අඩු වී ඇත. එසේම මහවැලි ගංගාවේ ජල මට්ටම සාමාන්‍ය තත්වයට පත්වී ඇත.
පොළවේ ඇතිවන ඉරිතැලීම්, ගැඹුරට හෑරුණු පැලුම්, පොළව ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, දුරකතන කණු, ගොඩනැගිලිවල ගෙබිම හා බිත්තිමත ඇති වන පැලුම් හා ඒවා ක්‍රමිකව වර්ධනය වන්නේනම් සහ එක්වර ජල උල්පත් මතුවේනම්, ජල මුලාශ්‍ර/උල්පත් වලින් බොර වතුර ගලයි නම්, පැවති ජල මාර්ගයක් නැති වී ගොස් ඇති නම් එය නාය යාම් පුර්ව කල්ෂණයක් විය හැකි බැවින් සැලකිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාව ගෙන් ඉල්ලා සිටී.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික් 20 ක 174,310 ක් පීඩාවට පත්වේ.
News & Events
- Australian Bureau of Meteorology Delegation Meets Director General of the Disaster Management Centre
- උසස් පෙළ විභාගයට ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ජීවිතාරක්ෂක බෝට්ටු නිල වශයෙන් භාරදීම
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත මානුෂීය සහ සෙවීම් හා ගලවා ගැනීමේ උපකරණ නිල වශයෙන් භාරදෙයි
- ‘සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්’ ජාතික මෙහෙයුම් වැඩසටහන ආරම්භ කරමින් සුපිළිපන් ප්‍රතිඥාව ලබාදීම.
Call Center
117General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
+94 112 670 002
Fax: +94 11 2670079




