Pre-school Training Badulla 3

ආපදා අවස්ථාවකදී, ආපදාවට පෙර මෙන්ම ආපදාවට පසු කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිහිටියන් වශයෙන් අපගේ අවධානය එල්ල විය යුතු කරුණු බොහොමයක් පවති. ආපදාවක දී ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම සදහා පුර්ව අනතුරු ඇගවීමේ නිවේදන ලබාදීම, අපාදා තත්වයක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ආපදා අවදානම් ප්‍රදේශවල මහජනතාව, රාජ්‍ය නිළධාරීන් සහ පාසැල් සිසුන් ඇතුලුව අවදානම් ප්‍රදේශවල ජීවත්වන ප්‍රජාවන් දැනුවත් කිරීම, පුහුණු කිරීම හා පුර්ව සුදානම තර කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක මඟින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ.

 

ඒසේම ආපදා අවදානම් කළමනාකරණ සම්බන්ධව වැඩිහිටි අවධානය යොමු වුවද ආපදා අවස්ථා වලදි කුඩා දරුවන් ඔවුන්ගේ ලෝකය තුළ හුදකලා වීම නිසා අනතුරු සිදුවෙන බවට සාක්ෂි තිබේ. එවන් අවස්ථා වලදි ළදරුන් විසින් සිදුකළ යුත්තේ කුමක්ද නොකළ යුත්තේ කුමක්ද යන්න ඉතා සරලව දැනුවත් කිරීම තුළින් දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි අතර අනාතයේ දී ආපදා අවදානම් කළමනාකරණය කිරීම සදහා ඒය වඩාත් ඉවහල් කර ගත හැකිය.

 

මුල් ළමාවිය සංවර්ධන නිලධාරිගේ උපදෙස් සහ පෙරපාසල් ගුරුවරුන්ගේ සහය ඇතිව බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ක්‍රියාත්මක පෙරපාසැල් දරුවන් ආපදාවක දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ උක්ත වැඩසටහන ආරම්භ කරන ලදී. ඒ් අනුව වීරියපුර ග්‍රාම නිලධාරි වසමේ නෙස්ට් පෙර පාසලේ ආරම්භක වැඩසටහන පවත්වන ලදි.

 

ආපදා ආරක්ෂණය සදහා සකස් කල පෙර පාසල් ගුරු උපදෙස් සංග්‍රහයට අනුව සකස්කල උපකරණ කට්ටලය හා ක්‍රමවේද යොදා ගනිමින් පංති කාමරය තුළ දී සෙල්ලම් මිදුලේදී තම නිවසේ දී දරුවන් මුහුණදෙන අනතුරු සහ ඒයින් වැළකෙන ආකාරය සරලව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඒ් අනුව අකුණු අනතුරු, ඇස්වලට සිදුවන අනතුරු වළක්වා ගැනීම, සෙල්ලම් කිරීමේ දී සහ ආහාර ගැනීමේ දී සැලකිය යුතු කරුණු සහ අවදානම පිළිබදව ගිත ගායනය, කතන්දර කීම, චිත්‍ර ඇදීම, පින්තූර භාවිතා කිරීම වැනි සරල උපක්‍රම භාවිතයෙන් පැහැදිලි කරමින් දරුවන් දැනුවත් කරන ලදී. ඉදිරියේ දී බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒ්කකය මගින් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම පෙරපාසැල් දැනුවත් කිරීමට සැලසුම් කර ඇත.

Pre-school Training Badulla 5  Pre-school Training Badulla 7  Pre-school Training Badulla 11

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079