නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී.

cyclonic storm South East Bay of Bengol 2

මේ හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. උතුර, උතුරු-මැද,නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට හමන පැයට කිලෝමීටර් 40 - 50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බව සදහන් කර ඇත.

ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නොයෙදන ලෙස දැනුම් දෙනු ලබන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනමෙන් අවධාරණය කර ඇත.

උතුරු අක්ෂාංශ 06 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 77 සහ 85 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 - 50 ක් පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 60 -70 ක් දක්වා වැඩිවිය හැක. ඉහත කී මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බැවින් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් මේ පිළිබච දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්  අද දින පෙරවරු10.30 නිකුත් කරන ලද නිවේදනය සඳහා පිවිසෙන්න

 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052