advisory for fishinf commiunitiesගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (ජනවාරි 30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළවන දින (01) වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාව වටා මුහුදු ප්‍රදේශ රළු ස්භාවයක් ගත හැකි බවත් එම නිවේදනයේ සදහන් වේ.

අද දින (30) පොතුවිල් සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55 ත් 60 අතර විය හැකි බවත් මුහුදු රළ මීටර් 2.00-3.00 අතර ඉහළ යාමක් අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ දැක්වේ. එම නිසා අද (30) පස්වරු 6.00 සිට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.

එසේම දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශ රළු ස්භාවයක් ගත හැකි බැවින් හෙට දිනයේ දී (31) සිට දිවයින වටා මුහුදු ප්‍රදේශ වල ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ද මෙම නිවේදනය මගින් ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

දිවයින වටා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරය කරනු ලබන පිරිස් මේ පිළිබච දැඩි අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකත් කරන නිවේදන සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් එසේම යම් ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකත් කරන නිවේදනය සදහා පිවිසෙන්න. 

මේ සම්බන්ධයෙන් 2023 ජනවාරි මස 31 වන දින පෙරවරු 11.00 නිකුත් කරනු ලැබු නිවේදනය.

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052