cyclonic storm South East Bay of Bengolගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද දින (ජනවාරි 30) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම අඩු පීඩන කලාපය පෙබරවාරි මස පළවන දින (01) වන විට දිවයිනේ නැගෙනහිර වෙරළ වෙත ළඟාවීමේ වැඩි හැකියාවක් පවතින බවත් මෙහි බලපෑම හේතුවෙන් අද (ජනවාරි 30) දින සවස් කාලයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශ වල වැසි සහිත කාළගුණික තත්වයක් පැවතිය හැකි බවත් මෙම නිවේදනයේ සදහන් වේ.

එසේම උතුරු අක්ෂාංශ 04 ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100 ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 40-45 පමණ විය හැකි අතර විටින්විට සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩිවිය හැකි බව පෙන්වා දී ඇත. මෙම මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවත් මෙම මුහුදු සීමාවන් තුළ තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

එබැවින්, ඉහත සඳහන් මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ ධීවර හෝ නාවික කටයුතු සදහා යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට පුර්ව අනතුරු නිවේදන නිකුත් කර ඇත.

විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මි.මී. 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් කර ඇත.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බව නිවේදනයේ සදහන් කර ඇත. සුළං සහ අකුණු අනතරු පිළිබද අවධානය යොමු සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් විස්තර දැගනැනීමට හෝ ආපදා අවදානම් තත්වයක දී අවශ්‍ය සම්බන්ධීකරණය පහසු කරගැනීම සදහා හදිසි ඇමතුම් අංක 117 වෙත දුරකථන ඇමතුමක් ලබා දෙන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052