Distribution goods for com kitchen 1ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයයේ සහයෝගය ඇතිව සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය හා විලිම් හාට් ආයතනය එක්ව රුපියල් දෙකෝටි තිස් ලක්ෂයකට අධික මුල්‍ය වටිනාකමින් යුතු හාල්, සැමන්, ටූනා සැමන්, හතු සහ ධ්‍යාන වලින් සමන්විත වියලි ආහාර ද්‍රව්‍ය කොළඹ මහ නගර සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා මුල්තැන්ගෙය (community kitchen) වැඩසටහන යටතේ ආහාර අවශ්‍යතාවය ඇති දිළිදු පිළියෙල කර සකස් කර දීම සඳහා කොළඹ මහනගර සභාව වෙතනිළ වශයෙන් භාරදීම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී අද දින (17) සිදු කරන ලදී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ප්‍රජා මුල්තැන්ගෙය (community kitchen) වැඩසටහන සදහා පරිත්‍යාග කරන ලද භාණ්ඩ කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය වෙත සංකේතවත් ලෙස භාර දෙන ලදී.

පවතින සමාජ හා ආර්ථික තත්වය හේතුවෙන් ආහාර අවශ්‍යතා සපුරාගත නොහැකි පවුල් වෙත පිසු ආහාර ලබා දීම කොළම නගර සභාව විසින් අරම්භ කරන ලද වැඩසටහනකි. මෙම වැඩසටහන යටතේ පාසැල් දරුවන් සදහා පිසු ආහාර ලබා දීම, කොළඹ මහ නගර සභා සීමාව තුළ පිහිටා ඇති වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන හා ළමා නිවාස සදහා මෙන්ම දිළිදු ජනතාව වෙත පිසු ආහාර ලබා දීම සිදු කරනු ලැබේ.

ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

Distribution goods for com kitchen 2  Distribution goods for com kitchen 3  Distribution goods for com kitchen 4

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052