2023.01.13 Student of the Maharaja Institute of Management Studies  10මහාරාජා කළමනාකරණ ආයතනයේ විද්‍යුත් මාධ්‍ය පාඨමාලාව හදාරණ සිසුන් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය පිළිබද අධ්‍යාපන පුහුණු වැඩසටහනකට අද (26) දින සහභාගී විය.

ආපදා අවදානම් කළමනාකරණක්‍රියාවලිය තුළ මාධ්‍ය සතු කාර්යභාරය, ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය, හදිසි මෙහෙයුම් මැදිරි ක්‍රියාකාරීතවය සහ පුර්ව අනතුරු ඇගවීමේ ක්‍රමවේදය පිළිබදව මෙන්ම හදිසි මෙහෙයුම් මැදිරියේ ක්‍රියාකාරීත්වය පිළිබදව ප්‍රායෝගික දැනුම ලබාදීම, ආපදා අවදානම් තත්වයක දී ජනතාවට සහය වීම, පුර්ව අනතුරු ඇගවීම් සම්බන්ධ තොරතුරු සංනිවේදනය කිරීමේ දී 117 හදිසි ඇමතුම් මැදිරි ක්‍රියාවලිය සහ එමගින් ජනාවට ලබාදෙන සේවාව පිළිබව මෙම අධ්‍යාපන පුහුණු වැඩසටහනට සම්බන්ධ වූ සිසුන් දැනුවත් කෙරිණි.

මෙම අවස්ථාවට සහභාගී වු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා සංනිවේදනයේ දී පුරවැසි වගකීම ඉටු කිරීම සම්බන්ධයෙන් තරුණ මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය පිළිබදව අදහස් දැක්වීය. අනාගතයේ දී මාධ්‍ය ක්ෂේත්‍රය තුළ වගකීම් ඉටු කිරීමේ දී නිවැරදි තොරතුරු සංනිවේදනය කිරීමත් විවිධ මුලාශ්‍ර මගින් ලබාගන්නා තොරතුරු සත්‍යතාව තහවුරු කරගැනීම සදහා ඇති කැපවීමත්, තොරතුරු සොයායාම සහ තමා නියැලෙන ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීමේ දී එම ක්ෂේත්‍රය පිළිබද පරිනත දැනුමත් ලබා ගැනීම තුළින් ජනතාවට කළ හැකි සේවය පිළිබදව අදහස් පලකරන ලදී.

2023.01.13 Student of the Maharaja Institute of Management Studies  4  2023.01.13 Student of the Maharaja Institute of Management Studies  11  2023.01.13 Student of the Maharaja Institute of Management Studies  14

2023.01.13 Student of the Maharaja Institute of Management Studies  21  2023.01.13 Student of the Maharaja Institute of Management Studies  26  2023.01.13 Student of the Maharaja Institute of Management Studies  30 

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052