DSC 5442ජාතික සුරක්ෂත දිනට සමගාමීව සුනාමි ව්‍යසනයෙන් පසු පයුගිය වසර 18 ක කාලය තුළ සුනාමි ආපදා අවදානම් අවම කිරීම සදහා රට තුළ පවතින පෙර සුදානම සහ පුර්ව දැනුවත් ක්‍රිරීමේ යාන්ත්‍රණය පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුලුවක් අද දින ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක ආමාත්‍යාංශයෙහි ආපදා කළමනාකරණ අංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විය.

2005 අංක 13 දරණ ශ්‍රී ලංකා ව්‍යසන කළමනාකරණ පනතේ විධිවිධාන අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ආපදා අවදානම් අවම කිරීම, ආපදා පෙරසුදානම් සහ දැනුවත් කිරීම්, හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම මෙන්ම ආපදා පුර්ව අනතුරු අගැවීම සදහා බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රමවේද ස්ථාපිත කිරීමත් ආපදා පුර්ව අනතුරු ඇගවීම් සදහා අවදානම් සහිත ප්‍රජාවට ප්‍රවේශවීමට ඇති හැකියාව වර්ධනය කිරීම සදහා කටයුතු කරනු ලැබේ.

ඒ අනුව අනාගතයේ ශ්‍රී ලංකාව සුනාමි ආපදා තත්වයකට ගොදුරුවීම සදහා ඇති හැකියාව සහ එවැනි ව්‍යසනකාරී ආපදා තත්වයක් ඇතිවුව හොත් එය කළමනාකරණ කිරීම සදහා ජාත්‍යන්ත සහ කලාපීය සංවිධාන සමග ඇති සම්බන්ධීකරණ යාන්ත්‍රණය, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා පවතින සුනාමි ආපදා පෙරසුදානම සහ පුර්ව අනතරු ඇගවීමේ ක්‍රමවේද, සුනාමි ආපදා තත්වයක් කළමනාකරණ කිරීම සදහා ස්ථාපිත කර ඇති සංනිවේදන ක්‍රමවේද පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

ඒකාබද්ධව කෙටි පණිවිඩ සේවාවක් මගින් ආපදා පුර්ව දැනුවත් කිරීමේ පණිවිඩ මහජනතාව වෙත ලබාදීම සදහා සියලුම විදුලි සංදේශ සේවා සපයන ආයතන සමග ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ගිවිසුම්ගත වී ඇති බවත් ඒ අනුව කිසියම් ආපදා තත්වයක් පිළිබද පුර්ව අනතරු ඇගවීමේ නිවේදන සියලුම ග්‍රාහකයන් වෙත සංනිවේදනය කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පැවසුයේ රටක් තුළ සියලු විදුලි සංදේශ සේවා සපයන ආයතන ඒකබද්ධව ආපදා පුර්ව දැනුවත් කිරීමේ කෙට් පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කරනු ලබන දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව පැවසීය.

එසේම ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව හදිසි ආපදා තත්වයක දී මහජනතාවගේ ජීවිත සහ දේපළ බේරාගැනීම සදහා වන සම්බන්ධීකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිකුත් කරනු ලබන ආපදා අවදානම් පුර්ව දැනුවත් කිරීම් නිවේදන අනුව ජනතාවගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම පහසුවක් වී ඇති බවත් තවදුරටක් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පෙන්වා දෙන ලදී.

එසේම නිවැරදි තොරතුරු සංනිවේදනය කිරීමේ වැදගත්කම් පෙන්වා දුන් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ආපදා අවදානම් ක්‍රියාවලිය තුළ මාධ්‍ය විසින් කරනු ලබන කාර්යභාරය පැසසුමට ලක් කරන ලදී.

DSC 5422  DSC 5448  DSC 5455

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052