bad weather rainනිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල්වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී. මේ හේතුවෙන්,දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මි. 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒසේම මෙම පද්ධතියේ බලපෑම නිසා දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. (40-50)ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

එසේම ගාල්ල සිට කොළඹ, පුත්තලම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ එනම් උතුරු අක්ෂාංශ අංශ අංශක 06 – 14 සහ නැගෙනහිර දේශාංශ අංශන 78-85 ප්‍රෙද්ශය අතර කලාපය තුළනැවත දැනුම්දෙන තුරු ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනුම්දෙනු ලැබේ.

ඇතිවිය හැකි වර්ෂාධීක කාලගුණික තත්වය හේතුවෙන් නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇතිවිය හැකි අවදානම පිළිබද ව සැලකිල්ල දැක්විය යුතු අතර කිසියම් ස්ථානයක නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුවත් කරන ජනතාව ගෙන් ඉල්ලා සිටී. එසේම ජල ගැලීම් සිදු වන ගංගා නිම්න ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානමෙන් තම දේපළ සුරක්ෂිත කරගැනීම සදහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

අකුණු අනතුරු වළක්වා ගැනීම, අවදානම් ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් කදුකර ප්‍රදේශවල මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන්නන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් පවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.

මේ පිළබදව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙසත් පවතින කාලගුණික තත්වය පිළිබද යාවත්කාලීන තොරතුරු සදහා www.dmc.gov.lkයන වෙබ් අඩවියට පිවිසෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079