Safety Day 2022සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාව නිසා හටගත් සුනාමි රළ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ලගා වූ යේ භුමි කම්පාව සිදුවී පැය 01 කුත් විනාඩි 32කට පසු විය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 ක් සුනාමි ආපදාවට ගොදුරු වු අතර සුනාමි ව්‍යසනය නිසා මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ. තවත් 5000 ක් පමණ අතුරුදන් විය. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 34 ක පවුල් 235,145 ක පුද්ගලයින් 502,456 දෙනෙක් සුනාමි ව්‍යසනය හේතුවෙන් බලපෑමට ලක්විය. සිදු වූ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ පාරිසරික හානිය අතිමහත් විය.

2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස දේශපාලන නායකත්වයේ ද සහභාගිත්වයෙන් ජාතික සුරක්ෂිත දින සැමරුම් උත්සවය ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලදි.

මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙන්ම ප්‍රජා සහභාගිත්වයෙන් පැවැත්වැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට කටයුතු කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079