පවතින අයහපත් කාලගුණ තත්වය නිසා මේ වන විට (24) දිස්ත්‍රික් 19 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 19 තුළ පවුල් 31,822 ක 124,733 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 12 ක් වේ.
ආපදා හේතුවෙන් නිවාස 43 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 3,172 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.24 0900 පැයට වාර්තාවන අන්දමට පවුල් 14,500 ක 56472 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 246 ක තාවකාලිකව රදවා ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 2018.05.24 වන දින පෙ.ව.06.30ට නිකුත් කරන ලද වාර්තාවට අනුව කැලණි ගඟේ ජල මට්ටම සාමාන්‍යය තත්ත්වයට පත්ව ඇත. නාගලන්වීදිය ජල මාපකයන් ආශ්‍රිත ප්‍රදේශ අවදානම් මට්ටමේ පවතී.නෝර්වුඩ් මාපකයේ අවදානම් මට්ටමට පැමිණ ඇත. කඵ ගඟ රත්නපුර, ඇල්ලගාව හා පුටුපවුල ප්‍රදේශයේ ගංවතුර තරමක් අඩු වෙමින් පවතී. නිල්වලා ගඟේ පානදුගම ආශ්‍රිත ගංවතුර අඩු වෙමින් පවතී. අත්තනුගලු ඔය දූනමලේ ප්‍රදේශ ගංවතුර අඩු වෙමින් පවතී.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් 2018.05.23 පස්වරු 16.00 වාර්ථාවට අනුව රත්නපුර, කෑගල්ල, නුවරඑළිය, කඵතර හා ගාල්ල දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ රතු නිවේදන නිකුත් කර ඇත.
එසේම බදුල්ල, කුරුණෑගල, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක සඳහා නාය යෑම්, බෑවුම් කඩා වැටිම්, ගල් පෙරලීම් හා පස් කණ්ඩි කඩා වැටීමේ අවධානම පිළිබඳ විමසිලිමත් වීම පිළිබඳ නිවේදන නිකුත් කර ඇත.
කුකුලේ ගඟ ජලාශය(වාන් දොරටු 01ක්) උඩවලව ජලාශය (වාන් දොරටු 01ක්) ලක්ෂපාන ජලාශය(වාන් දොරටු 01ක්) දැදුරු ඔය(වාන් දොරටු 02 ක්) රාජාංගනය ජලාශය ( වාන් දොරටු 02ක්) සහ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇත.

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052