Media Awareness Programme N Eliiya 3ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීමආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණ ඇතිව වර්ඩ් විෂන් ආයතනයේ මුල්‍ය දායකත්වය සහිතව ක්‍රියාත්මක ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් වැඩසටහන යටතේ බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දිස්ත්‍රික් ලේකම්වරුනගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි.

ආපදා කළමනාකරණ ක්‍රමවේද සහ නෛතික පසුබිම, ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදන හා ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මුහුණපාන ගැටලු අවමකර ගැනීම පිළිබදව, තාක්ෂණික ආයතන සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර මනා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් සකස් කිරීම කිරීම පිළිබදව මෙහි දී අවධානය යොමු කරන ලදී.

නායයාම් අධි අවදානම් දිස්ත්‍රික්ක වශයෙන් බදුල්ල සහ නුවරඑලිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව නායයාම් අවදානම් අවම කරගැනීම වෙනුවෙන් මහජන වගකීම පැහැර හැරීම් හා නැවත පදිංචි කිරීමේ දී ආපදා අවදානමින් තොර සුරක්ෂිත ස්ථාන හදුනාගැනීමේ දී සීමිත ඉඩ පරාශයක ජනතාව පදිංචි කිරීමේ දී මුහුණ පාන ගැටලු පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.

Media Awareness Programme Badulla  1  Media Awareness Programme Badulla  2  Media Awareness Programme Badulla  3

බදුල්ල දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 29 දින බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරය

Media Awareness Programme N Eliiya 1  Media Awareness Programme N Eliiya 2  Media Awareness Programme N Eliiya 4

නුවරඑලිය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - සැප්තැම්බර් මස 30 දින නුවරඑලිය ඇල්පයින් හෝටල් ශ්‍රවනාගාරය

 

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052