පවතින අයහපක් කාලගුණය තත්වය පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික් 14 ක ගංවතුර සහ නායයාම් ආපදා තත්වයක් උද්ගත වී ඇත. මෙම දිස්ත්‍රික්ක 14 තුළ පවුල් 18,079 ක 68,343 ක් පීඩාවට පත්වී ඇත. ආපදා නිසා සිදුවු මරණ සංඛ්‍යාව 09 ක් වේ. අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කිරීම පිළිබද නිරන්තරයෙන් ජනතාව දැනුවත් කෙරෙන නමුුත් 04 දෙනෙකු මිය ගොස් ඇත්තේ අකුණු අනතුරු හේතුවෙනි.
ආපදා හේතුවෙන් නිවාස 25 ක පුර්ණ හානි සිදු වී ඇති අතර නිවාස 1,464 ක් අර්ධ වහයෙන් හානි වී ඇත. 2018.05.22 1600 පැයට වාර්තාවන අන්දමට පවුල් 6,710 ක 24187 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 168 ක තාවකාලිකව රදවා ඇත.


ආපදා හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා රජය බදුල්ල රු.මි 0.5, කෑගල්ල රු.මි 2.0, කලුතර රු.මි 1.0, රත්නපුර රු.මි 2.0, ගාල්ල රු.මි 1.0, මොනරාගල රු.මි 0.5, ගම්පහ රු.මි 2.0, කොලඹ රු.මි 3.0 සහ මාතර රු.මි 1 වශයෙක් රුපියල් මිලියන 14.5 ක මුදලක් ලබාදී ඇත. එසේම ජාතික රක්ෂණ භාර අරමුදල මගින් රුපියල් මිලියන 5.5 ක මුදලක් ආපදා වලින් පීඩාවට පත් ජනතාව වෙත නිකුත් කිරීම සදහා නිදහස් කර ඇත.
මෙම අවස්ථාවට වාරිමාර්ග, ජලසම්පත් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් එන් සරත් කුමාර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය එස් අමලනාදන්, කාලගුණ විද්‍ය දෙපාර්තමේනුත්වේ අධ්‍යක්ෂ ජෙනරාල් එස් ප්‍රේමලාල් ඇතුලු ආයතන නිළධාරීන් පිරිසක් සහභාගී විය.

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079