ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සේවයේ නියැලෙන නිළධාරීන්ගේ ධාරිතාව වර්ධනය කිරීම සදහා ලෝක ආහාර සංවිධානයේ මුල්‍ය දායකත්වය යටතේ භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද පස් දින නේවාසික පුහුණු වැඩසටහන් මාලාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය ක්‍රියාත්මක කරනු ලැබිණි. මෙම වැඩසටහන් මාලාවේ දෙවන වැඩසටහන සැප්තැම්බර් මස 19-24 දක්වා දක්වා කොළඹ විශ්වවිද්‍යාලීය භූගෝලවිද්‍යා අධ්‍යනාංශයේ දී පැවැත් වේ.
ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ මෙන්ම ආපදා අවදානම් අවම කිරීම සදහා තීරණ ගැනීමේ ක්‍රියාවලියට අතිශයින්ම වැදගත් ක්‍රම ශිල්පයක් වන භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) පිළිබද සිද්ධාන්තික කරුනු මෙන්ම ප්‍රායෝගික පුහුණු සැසි මෙම පුහුණු වැඩ සටහනට ඇතුලත් වේ. භූගෝලීය තොරතුරු පද්ධති විශ්ලේෂණ (GIS) ක්‍රමශිල්ප, මුලික සිතියම් විද්‍යාත්මක ක්‍රමශිල්ප, දත්ත විශ්ලේෂණය, භූගෝලීය පිහිටීම නීර්ණ ක්‍රමශිල්ප (GPS), දුරස්ථ ග්රාහක පද්ධති දත්ත විශ්ලේෂණය සහ ඊට අදාල මෘදුකාංග භාවිතය වැනි විෂය ක්ෂේත්‍ර ගණනාවක් මෙම පුහුණු වැඩසටහන තුළින් ආවරණය කෙරේ.
ප්‍රාදේශීය මට්ටමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කරමින් ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් නවීන දැනුමින් පෝෂණ කිරීම පිළිබද අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.