bad weather rainනිරිත දිග මෝසම් තත්වය ක්‍රීයවීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුද රළු විය හැකි බව එම ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 ක් 70 ක් දක්වා වැඩිවිය හැකි බවත් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු ස්වභාවයක් ගත හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (05) නිවේදනය කර ඇත.

මෙම මුුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මිටර් 2.5 – 3.0 ඉහළ යාමේ හැකියාවක් ද පවතින බවත් මෙම මුහුදු ප්‍රදේශ වල ඉදිරි පැය 24 තුළ ධීවර සහ නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දී ඇත.

එසේම මෙම බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වල හා මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ක පමණ තද වර්ෂාපතනයක් වාර්තා විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.

ඇතිවිය හැකි වර්ෂාධීක කාලගුණික තත්වය හේතුවෙන් නායයාම් අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඇතිවිය හැකි අවදානම පිළිබද ව සැලකිල්ල දැක්විය යුතු අතර කිසියම් ස්ථානයක නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් ආපදා කළමනාකරණ මධයස්ථානය දැනුවත් කරන ජනතාව ගෙන් ඉල්ලා සිටී. එසේම ජල ගැලීම් සිදු වන ගංගා නිම්න ප්‍රදේශවල ජනතාව ඇතිවිය හැකි ගංවතුර අවදානමෙන් තම දේපළ සුරක්ෂිත කරගැනීම සදහා කටයුතු කරන මෙන් ඉල්ලා සිටී.

අකුණු අනතුරු වළක්වා ගැනීම, අවදානම් ගස් කඩා වැටීම හේතුවෙන් සහ විදුලි රැහැන් ඇද වැටීම නිසා ඇතිවිය හැකි හානි අවම කර ගැනීමටත් කදුකර ප්‍රදේශවල මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන්නන් අවධානයෙන් කටයුතු කරන ලෙසත් පවතින කාලගුණ තත්වය පිළිබදව දැනගැනීම සදහා හෝ යම් ආපදාවක් නිසා ඇතිවන පිඩාකාරී තත්වයන් පිළිබදව තොරතුරු ලබාදීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 දුරකථන අමතන ලෙස ඉල්ලා සිටී.

පසුගිව පැය විසිහතරක කාලය සළකා බලන විට කොළඹ දිස්ත්‍රික්කයේ හංවැල්ල (මිලිමීටර් 150) අවිස්සාවේල්ල (මිලිටීටර්114) පාදුක්ක (මිලිටීටර් 90) මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය (මිලිටීටර් 80.5) සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ වහරක (මිලිටීටර්133) වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත.

මේ පිළිබද වැඩි විස්තර සදහා www.dmc.gov.lkයන වෙබ් අඩවියට පිවිසෙන්න

හදිසි ඇමතුම්

117
පොදු අංකය: +94 112 136 136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය:+94 112 136 222 /
+94 112 670 002
ෆැක්ස් අංකය: +94 112 878 052