jaffna Media workshop  1

අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීම සදහා World Vision ආයතනයේ මුල්‍ය දායකත්වය මත යාපන, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන් ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 22, 24 සහ 25 දින වල දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ  විය.

ගෝලීය උණුසුම සහ කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම පිළිබදව ඒ ඒ ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක කටයුතු කිරීම පිළිබදව අවධානය යොමු විය.

එසේම ගංවතුර අවදානම පාලන කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ගංවතුර කළමනාකරණ සදහා ඉදිරි ක්‍රියාමාර්ග පිළබදව මාධ්‍ය දැනුවත් කිරීම සහ අලිමිනිස් ගැටුම් අවම කර ගැනීම පිළිබදව වනජීවි දෙපාර්තමේන්තුවේ කාර්යභාරය සහ මහජන වගකීම පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කිරීම මෙම එක්දින වැඩමුළුවේ දී සිදු කෙරිණි.

jaffna Media workshop  2jaffna Media workshop  12 jaffna Media workshop  14

යාපනය දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - ගෝස්තු මස 23 දින යාපනය ටිල්කෝ හෝටල් ශ්‍රවනාගාරය

Mullaithuve media workshop 2022-08-24 1 Mullaithuve media workshop 2022-08-24 2Mullaithuve media workshop 2022-08-24 3 

මුලතිව් දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - අගෝස්තු මස 24 දින මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරය

vavuniya media workshop 25-08-22  3 vavuniya media workshop 25-08-22  8 vavuniya media workshop 25-08-22  10

වව්නියාව දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන - අගෝස්තු මස 25 දින වව්නියාව නෙල්ලි හෝටල් ශ්‍රවනාගාරය

 

 

 

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079