Anuradhapura media programme 9අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීම සදහා World Vision ආයතනයේ මුල්‍ය දායකත්වය මත අනුරාධපුර දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 19 වන දින අනුරාධපුර රන්දිය හෝටල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ආපදා කළමනාකරණය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. ගෝලීය උණුසුම සහ කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම පිළිබදව ඒ ඒ ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක කටයුතු කිරීම පිළිබදව අවදානය යොමු කිරීම මෙම වැඩමුලුවේ දී සිදු කෙරිණි.

Anuradhapura media programme 2  Anuradhapura media programme 4  Anuradhapura media programme 13

Call Center

117
General: +94 112 136 136
Emergency Operation Center:+94 112 136 222 /
+94 112 670 002
Fax: +94 11 2670079