අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ මගපෙන්වීම මත ආපදා කළමනාකරණ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ ජනතාවට තොරතුරු ලබාදීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අරමුණ කර ගනිමින් ආපදා අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ දායකත්වය සක්‍රීයව ලබාගැනීම සදහා World Vision ආයතනයේ මුල්‍ය දායකත්වය මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සැලසුම් කර ඇත.
මෙම වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන පොළොන්නරු දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරීමේ වැඩසටහන පොළොන්නරු දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 18 වන දින පොළොන්නරුව සුදුඅරලිය හෝටල් ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.
ආපදා කළමනාකරණය පිළිබදව තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම, ආපදා අවදානම අවම කර ගැනීමට සහ ආපදා නිසා සිදුවන ජීවිත හා දේපළ හානි අවම කර ගැනීම සහ රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ. ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව නිවැරදි දත්ත සහ තොරතුරු ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචාරණය කිරීම සදහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සෘජුව සම්බන්ධ කර ගැනීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් සකස් කිරීමේ අභිප්‍රාය ඇතිව ආපදා කළමනාකරණය පිළිබදව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව සිදුකරනු ලැබේ.
ආපදා කළමනාකරණය සහ ආපදා සංනිවේදනය පිළිබද සිද්ථාන්තික තොරතුරු සහිත දේශන මෙම එක්දින පුහුණු වැඩසටහනේ පළමු සැසියට ඇතුළත් විය. ගෝලීය උණුසුම සහ කාලගුණික හා දේශගුණික වෙනස්කම් හා ඒ ආශ්‍රිත සිදුවිය හැකි ආපදා, ආපදා කළමනාකරණ ක්‍රමවේදය සහ ආපදා කළමනාකරණයේදී මාධ්‍ය කාර්යභාරය පිළිබද සිද්ධාන්තික කරුනු සහ ආපදා සංනිවේදනයේ ප්‍රවෘත්ති වාර්තාකරණය තුළ ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් මුහුණපාන ගැටලු සහ ඒවා අවමකර ගැනීම පිළිබදව ඒ ඒ ආයතන අතර සම්බන්ධීකරණය ඇති කිරීම සදහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක කටයුතු කිරීම පිළිබදව අවදානය යොමු කිරීම මෙම වැඩමුලුවේ දී සිදු කෙරිණි.