2019.04.05 Emergency Responseපසුගිය වසර 30 තුළ රිය අනතුරු නිසා මිය ගිය සංඛ්‍යාව යුද්ධය නිසා පුරා වසර 30 ක් තුළ මිය ගිය සංඛ්‍යාවට ඩවා වැඩි යැයි රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යතුමා පැවසීය. හදිසි අනතුරු නිසා වාර්ෂිකව 3000 ක් පමණ පිරිසක් මිය යන බවත් ඒ ප්‍රමාණය සළකාබැලිමේ දී පසුගිය වසර 30 ක් පුරා පැවති ත්‍රස්තවාදී ගැටුම් නිසා මිය ගිය පිරිසට වඩා වැඩි බවත් මහමග අනතුරු සහ දියේ ගිලීම් වලින් සිදු වන මිය යාමි අඩු කර ගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින ලදී. විශේෂයෙන්ම මෙම උත්සව සමයේ පිටපළාත්වලට ගොස් විනෝදවීමේ දී මේ පිළිබදව අවධානය යොමු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. අමාත්‍යතුමා මෙම අදහස් පල කරන ලද්දේ රුපියල් මිලියන 300 ක වියදමින් හදිසි ආපදා ප්‍රතිචාර දැක්වීම සදහා මිලදී ගත් හදිසි ආපද ප්‍රතිචාර මෙවළම් ඒ ඒ අංශ සදහා බෙදා දීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් අද දින (10) සංවිධානය කර තිබු උත්සවය අමතමිනි. හදිසි ප්‍රතිචාර දැක්වීම සදහා අවශ්‍ය බෝට්ටු, බෝට්ටු එංජින්, වතුර මෝටර්, ජන ඇමතුම් කට්ටල, ගංවතුරට ගොදුරුවු පුද්ගලයින් බේරාගැනීමේ කඹ, කැටමරං ඇතුලු උපකරණ බෙදා දීම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික් වල අවශ්‍යතාවය අනුව සියලු දිස්ත්‍රික්ක සදහා මෙන්ම ආපදා හදිසි මෙහෙයුම් වලදී භාවිතා කිරීමට ත්‍රිවිධ හමුදාව වෙත මෙම උපකරණ බෙදා දීම සිදු කරන ලදී.


මේ දින වල සාමාන්‍ය පවතින උෂ්ණත්වයට වඩා සෙන්ට්‍රිගේඩි අංශක 02 කින් 03 කින් පමණ වැඩි වී පවතින බවත් දැඩි උෂ්ණය නිසා ජනතාව පීඩාවට පත්වී ඇති බව රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාරණ ආමාත්‍යතුමා පැවසීය. එසේම මේවන විට ලක්ෂ පහකට අධික පිරිසක් නියගය නිසා පීඩාවට පත්වී සිටින බවත් නියං තත්වය නිසා ජලය බෙදා දීමට තටයුතු කරන බවත් පැවසීය. ආපදා හේතුවෙන් පීඩාවට පත්වී ඇති සියලු ජනතාවට අවශ්‍ය සහන සැලසීමත් ආපදාවට ලක්වීම වළකාලීම සදහා ජනතාව දැනුවත් කිරීම තුළින් ජනතාව සහ පෙරසූදානම් කිරීමටත් කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන ලදී.
ගංවතුර, නායයාම, ගිණිගැනීම්, නියගය වැනි ස්වභාවික ආපදා මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම, ශාලාව හමුදා කදවුරේ සිදු වූ පිපිරීම වැනි ආපදා නසා විපතට පත් වූ ජනතාතවට සහන ලබා දීමට කටයුතු කර තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යතුමා නමුත් ආපදා අවම කරගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන ලදී. එහෙයින් ඉදිරි මෝසම් වර්ෂාව නිසා ඇතිවිය හැකි ආපදාවලට හදිසි ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය උපකරණ බෙදාදීමට කටයුතු කරන වබ පෙන්වා දෙන ලදී.
විශේෂයෙන්ම මෙවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථනය විසින් ආරක්ෂක හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුව එක්ව දිස්ත්‍රික් විසි පහ තුළ හදිසි මෙහෙයුම් කටයුතු සම්බන්ධිකරණය සදහා ඒකක 25 ක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව පෙන්වා දෙන ලදී. ඒ නිසා ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට හැකිවී තිබෙන බවත් පෙන්වා දෙන ලදී.
රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිස්ටි ප්‍රනාන්නදු, ආපදා කළමනාරකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්. ඒ ධර්මසිරි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරාජ, ත්‍රිවිධ හමුදා සහ පොලීසියේ ඇතුලු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින් පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

அவசர தொடர்புகள்

117
பொது.: +94 112 136 136
அவசர நடவடிக்கை நிலையம்:+94 112 136 222 /
+94 112 670 002
தொலைநகல்: +94 112 878 052